මුල්‍ය අරමුදලේ ණය සමග ඩොලර් බිලියන 12. 7 ලබාදීමේ සහතිකයක්

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන සමග ඩොලර් බිලියන තුනක ඔවුන්ගේ ණය මුදල සමග ඩොලර් බිලියන 12.7 ක සම්පුර්ණ මුදලක් සපයා දීමේ සහතිකයක් ලබා දී ඇති බව හිටපු ඇමති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

මුල්‍ය අරමුදලේ ණය සමග ඩොලර් බිලියන 1.5 ක් ලෝක බැංකුවෙන් සැබෑ බිලියන 2.2 ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ලෙස බිලියන 3.7 ක් ලබා දීමට සහතික වී ඇත. ඒ අනුව මුල්‍ය අරමුදලින්, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන සම්පුර්ණ මුදල ඩොලර් බිලියන 6.7 කි.

ඒ සමග මුල්‍ය අරමුදලේ වැඩ සටහන ක්‍රියාත්මක වන ඉදිරි වසර 4  සඳහා වසරකට ඩොලර් බිලියන 1.5 බැගින් ඩොලර් බිලියන 6 ක් වෙනත් පාර්ශවයන්ගෙන් ලබා දීමේ සහතිකයක් ද ලැබී තිබේ.

මෙලෙස ලැබෙන සමස්ත මුදල ඩොලර් බිලියන 12.7 කි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන පිලිබඳ දැනුවත් කිරීමේ වැඩ මුළුවක් අමතමින් චම්පික රණවක මහතා මෙම තොරතුරු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *