ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී පනත නවත්වන්නැයි ඇමිනෙස්ටිය ඇමෙරිකා ජනාධිපතිගෙන් ඉල්ලයි

 

ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කොට ඇති ත්‍රස්තවාද විරෝධී පනත සම්මත කිරීම වැළක්වීමට මැදිහත් වන ලෙස ඇමිනෙස්ටි ඉන්ටර්නැසනල් සංවිධානය ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගෙන් ඉල්ලා සිටියි.

මෙම පනතේ කෙටුම්පත මානව හිමිකම් ප්‍රමිතීන්ට පටහැනි බව එම සංවිධානය කියයි.

මෙය පවතින නීතිය යහපත් ලෙස වෙනස් කිරීමක් නොවන බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආසියා උපදේශන අධ්‍යක්ෂ කැරොලින් නාෂ් මහත්මිය විසින් මෙම නිවේදනය නිකුත් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *