රනිල්ට ජනාධිපතිවරණය කැඳවන්න බැහැ – මහාචාර්ය ජී එල් පීරිස්

 

අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය කල් තබා කැඳවීමේ හැකියාවක් නැති බවත් 2024 සැප්තැම්බර් පසුවන තුරු ඒ මහතා ජනාධිපති ධුරයේ අනිවාර්යයෙන්  රැඳී සිටිය යුතු බවත්, නිදහස ජනතා සභාවේ නායකයකු වන මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව  යලි ජනාධිපතිවරණයක් පැවැත්විය හැක්කේ 2024 සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලයේ දී බව යි.

ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්විය නොහැකි බවත්, ඒ වනතෙක් රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් එම ධුරය දැරිය යුතු බවත්, මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *