එජාප, සජබ සමගි කිරීමේ සාකච්ඡා අතහැර දැම්මා – මනෝ ගනේෂන්

 

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සමගි කිරීම සඳහා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා සහ තමා දැරූ උත්සාහය සජබ නායකයින්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොමැති නිසා අතහැර දැමූ බව දෙමල ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පක්ෂ සමගියකට සාකච්ඡා කළ බව මනෝ ගනේෂන්  මහතා තහවුරු කොට ඇත.

රවුෆ් හකීම් , මනෝ ගනේෂන් දෙදෙනා ජනාධිපති හමුවීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමුවී සාකච්ඡා කොට තිබේ.

කෙසේ වෙතත්, මනෝ ගනේෂන් මහතා කියන්නේ විපක්ෂ නායකගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා තම උත්සාහය අතහැර දැමූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *