මෙරට ප්‍රතිසංස්කරණ ගැන ලෝක බැංකුව සතුටින්

 

අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ ඇතුළු සියළුම ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට නම් වැඩි විනිවිදභාවයකින් යුතුව එය සිදු කළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකු උප සභාපති මාර්ටින් රේසර් මහතා ප්‍රකාශ කර ඇත.

වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මාර්ටින් රේසර් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්වී තිබේ. එම හමුවේදී මාර්ටින් රේසර් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

මෙම හමුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද සහභාගී වී තිබේ.

එසේම මෙම හමුවේ දී පුනර්ජනනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳවත් අපනයන මුල්කරගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පිළිබඳවත් සාකච්ඡා කළ බව මාර්ටින් රේසර් මහතා පවසා ඇත .

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙහි ලා ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලෝක බැංකුව අදහස් සහ මූල්‍ය සහාය ලබා දෙන බවත් මාර්ටින් රේසර් මහතා පෙන්වා දී තිබේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *