සජිත් අගමැතිකම එපා කියයි ! ජනාධිපතිකම ඉල්ලයි !!

 

සර්ව පාක්ෂික ආණ්ඩුවක අගමැතිධුරය භාරගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් යලිත් වරක්  කළ ඉල්ලීම ද  ඒ මහතා ප්‍රතික්ෂේප කොට ඇති බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

විපක්ෂයේ සමගි ජන සන්ධානයේ කුඩා පක්ෂ දෙකක නායකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කළ සාකච්ඡාවක දී ජනාධිපතිතුමා පවසා ඇත්තේ විපක්ෂයෙන් තනි තනිව නොපැමිණෙන ලෙස සහ කණ්ඩායමක් ලෙස ආණ්ඩුවක් සදහා එකතුවන ලෙසයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සජිත් ප්‍රේමදාස මහතා එකතුවන්නේ නම් අගමැතිධුරය ලබාදිය හැකි බව ද ජනාධිපතිතුමා පවසා ඇත.

විපක්ෂයේ එම නායකයින් දෙදෙනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී මේ බව දැන්වූ විට ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ තම මීට පෙර ද අගමැති ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බව සහ ජනාධිපති ධුරය ලබාදෙන්නේ නම් භාරගන්නා බවයි.

මේ අතර විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වන අතර එම පක්ෂ මාරුව අප්‍රේල් 25 -27 අතර සිදුවනු ඇතැයි ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *