|

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් බරපතළ ඉලක්ක දෙකක්

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කළ සාකච්ඡාවලින් පැමිණ ඇති ප්‍රධාන ඉලක්ක දෙකක් පිලිබන්ධව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා හෙළිදරව් කොට තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට 2023 -27 කාලයේ ගෙවීමෙට ඇති ඩොලර් බිලියන 24 න් බිලියන 17 ක් ණය සහන මගින් අඩු කර ගත යුතුව ඇති අතර බිලියන හතක වෙනත් මාර්ගවලින් සපයා ගත යුතුව තිබේ .

ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවේ ණයහිමියන් අතර ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකෙරෙන ආකාරය පිළිබඳව මාධ්‍යයට අදහස් පළ කරමින්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා මෙම අදහස් පළ කර තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ, ණය අඩු කරන්නේද ?, ණය ගෙවීමට දී ඇති කාලය දීර්ඝ කරන්නේද ? එසේත් නැතිනම් පොලිය අඩු කරන්නේද ? යන්න සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරෙනු ඇති බවය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ 2023-2027 අතර අමෙරිකානු ඩොලර් බිලියන 24ක මූල්‍ය පරතරයක් ඇති බවය.

ඉන් ඩොලර් බිලියන 17ක් පමණ ලැබීමට නියමිත ණය සහන මගින් ආවරණය වෙනු ඇති බවද ඔහු සඳහන් කරයි.

ඒ අනුව ඉතිරි අමෙරිකානු ඩොලර් බිලියන 07 බාහිර මූල්‍යකරණයෙන් ආවරණය කරගැනීමට සිදුවෙන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *