උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හැදීමත් විශ්ව විද්‍යාල ඇදුරන්ගෙන් ඉවතට ?

 

උසස් පෙළ ඇතුළු විභාග ප්‍රශ්න පත්‍ර හැදීමේ සහ උත්තර පත්‍ර බැලීමේ සියලු කටයුතු සඳහා මින් ඉදිරියට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සහය ලබා නොගැනීමට රජය සලක බලමින් සිටින බව වාර්තා වෙයි.

එම කටයුතු පිලිබඳ වගකීම් දරන විශේෂ ආයතනයක් හෝ කණ්ඩායමක් හෝ සංවිධානය කිරීමට ඒ අනුව කටයුතු කරනු ඇති බව කියති.

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීම තම වෘත්තීය වගකීමක් නොවන බවත්, එය ස්වේච්ඡාවෙන් කරන කටයුත්තක් බවත්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ප්‍රකාශ කිරීම නිසා මෙම පියවර ගැනීමට රජය තීරණය කොට ඇතැයි කියති.

මෙම වගකීම නිශ්චිතව දරන වගකිව යුතු ආයතනයක් තිබිය යුතු බවත්, එයට දැනට සේවයේ සිටින මෙන් ම  විශ්‍රාමික ගුරුවරුන් සහ ආචාර්යවරුන්හ්ගේ සේවය ලබාගැනීමේ හැකියාව ද ඇති බවත් කියති.

දැනට තිබෙන ඇතැම් ආයතන මගින් ද මේ සඳහා සහය ලබා ගැනීමට බලාපොරොත්තු වෙයි.

ඒ අනුව ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සහ උත්තර පත්‍ර බැලීම  වගකීම් සහිත ආකාරයකින් කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.

මේ සඳහා අවශ්‍ය නීතිමය සහ ආයතනික තත්ත්වය පිළිබඳව රජය මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බව දැනගන්නට තිබේ.

උසස් පෙළ උත්තර පත්‍ර බැලීමේ දී මෙවර ඇති වී තිබෙන අර්බුදය යලි ඇති වීමට ඉඩ නොතැබීම රජයේ අපේක්ෂාව වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *