|

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අපේ ආර්ථිකය ගොඩ යන මාවත – සී ජේ අමරතුංග 

 

විදේශ විනිමය අර්බුදයකින් සහ ණය අර්බුගයකින් බරපතළ පීඩාවකට පත්ව සිටි ශ්‍රී ලංකාව මේ වනවිට සිටින්නේ යන්තම් ඔලුව උස්සා ගැනීමට හැකි වූ තත්ත්වයක ය. තවමත් රට අර්බුදයෙන් ගොඩ නොගිය බව පැහැදිලි සත්‍ය තත්ත්වය යි. ඒ සඳහා බොහෝ දුර යා යුතුව ඇත.

එසේ වුව ද, මේ වන විට ඇතැම් පිරිස් ක්‍රියා කරමින් සිටින්නේ ඒ ගමනට බාධා කරමින් රට නැවතත් අගාදයට ඇත දමන්නට බව පෙනෙන්නට තිබේ. ඔවුන් එය කරමින් සිටින්නේ රටේ ගැලවුම් කරුවන් ලෙස පෙනී සිටිමින් ය. ඒ නිසා ම ඇතැම් පිරිස් ඔවුනට මුලා විය හැකි අතර එහි ප්‍රතිඵලය අර්බුදය යලි උත්සන්න වීම හෝ එය දිග්ගැසීම වීමට බැරි කමක් නැත. එසේ ගතවන දිනක් පාසා සිදුවන්නේ ජනතාව විඳින පීඩා ද දිග්ගැසීම යි. එබැවින් මෙම බාදා කිරීම් ගැන බරපතළ ලෙස සැලකිල්ලට ගැනීම අවශ්‍ය වී තිබේ.

එහි දී ඉතාමත් වැදගත් කරුණක් වන්නේ ඇත්තටම සිදුවන දේ තේරුම් ගැනීම යි. සම්පුර්ණයෙන් නැතත් එය සරලව සමස්ත ක්‍රියාවලියක් ලෙස තේරුම් ගැනීම අවශ්‍ය ය. අතුරු ප්‍රශ්න ගැන සාකච්ඡා කළ හැක්කේ සමස්ත උපාය මාර්ගයට සාපේක්ෂව ය.

ඉතාමත් වැදගත් කරුණක් වන්නේ ඇත්තටම සිදුවන දේ තේරුම් ගැනීම යි. සම්පුර්ණයෙන් නැතත් එය සරලව සමස්ත ක්‍රියාවලියක් ලෙස තේරුම් ගැනීම අවශ්‍ය ය. අතුරු ප්‍රශ්න ගැන සාකච්ඡා කළ හැක්කේ සමස්ත උපාය මාර්ගයට සාපේක්ෂව ය.

රට යන්තම් ගොඩ යන මාවතට ගත්තේ මෙරට ඇතැම් දේශපාලඥයින්, නිලධාරීන් සහ කැප වී ක්‍රියාකළ විද්වතුන්ගේ සාමුහික උත්සහයකිනි. ඔවුන්ට ඒ සඳහා පිළිසරණ වුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යි. රට ගොඩ ගැනීමට දැන් ක්‍රියාවට නගා ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ මෙරට වග කිව යුතු පාර්ශවයන් එකඟව සකසා ගත්  වැඩ පිළිවෙළකි. එය දුෂ්කර ය. ජනප්‍රිය නැත. වේදනාකාරී ය. බොහෝ ප්‍රතිසංස්කරණ ඒ සමග ක්‍රියාවට නැගිය යුතුව ඇත. නමුත් රටත් ආර්ථිකයත් ගොඩ ගත හැක්කේ ඒ සියල්ල ඒ අයුරින් ක්‍රියාත්මක කළ හොත් පමණකි. කෙටි හෝ පහසු මාර්ග නැත. වගකිවයුතු දේශපාලඥයින්, නිලධාරීන් සහ විද්වතුන් රටට පෙන්වා දෙන්නට හදන යථාර්ථය එය යි.

මුල්‍ය අරමුදල ආධාර කරන්නේ ආර්ථිකය ගොඩ දමා ගන්නට ය. ඒ සඳහා කළ යුතු නමුත්, මෙතෙක් අප නොකළ දේ කරන්නට කියා ඔවුහු අපට කියති. අපි ඒවාට කියන්නේ කොන්දේසි කියා ය. නමුත් ඒ කිසිවක් ඔවුනට වාසි ගන්නට කියන දේවල් නොවේ. අපට ඇත්තට ම ගොඩ යන්නට අවශ්‍ය නම් ඔවුන් කීවත්, නැතත්, මේ දේවල් අප කළ යුතුව ඇත.

ඔවුන් කියන්නේ  අපගේ ආදායම සහ වියදම තුලනය කර ගන්නට ය.ආදායමට වඩා වියදම් නොකරන ලෙස ය. දරන්න බැරි වියදම් කපන්නට ය. එමෙන් ම, වියදම් කරන මුදලට සමාන ලෙස ආදායම් වැඩි කර ගන්නා ලෙස ය. මේ වැඩේ නොකළොත් හැමදාම වන්නේ ණයට ගෙන කන්නට ය. දැන් එහි සීමාව පැන පස්ස බිම ඇනගෙනන හමාර ය. මුල්‍ය අරමුදල කිව්වත් නැතත් මේ වැඩේ කළ යුතු ම ය.

 ඔවුන් කියන්නේ  අපගේ ආදායම සහ වියදම තුලනය කර ගන්නට ය.ආදායමට වඩා වියදම් නොකරන ලෙස ය. දරන්න බැරි වියදම් කපන්නට ය. එමෙන් ම, වියදම් කරන මුදලට සමාන ලෙස ආදායම් වැඩි කර ගන්නා ලෙස ය. මේ වැඩේ නොකළොත් හැමදාම වන්නේ ණයට ගෙන කන්නට ය. දැන් එහි සීමාව පැන පස්ස බිම ඇනගෙනන හමාර ය. මුල්‍ය අරමුදල කිව්වත් නැතත් මේ වැඩේ කළ යුතු ම ය.

මෙය කළ හැක්කේ ඇතැම් සැපයුම් සහ සේවා සඳහා යථාර්ථවාදී ගාස්තු ක්‍රම හඳුන්වා දීම මගිනි. විදුලි බිල සහ ඉන්ධන මිල වැඩිවෙන්නේ එහෙම ය. ඒවා කරන විට ඔහොම කරන්න ආණ්ඩු ඕනෑ නැතැයි කීම මෝඩ කතාවකි. රට අගාදයට දැම්මේ එහෙම මෝඩ චූන් කතා මගිනි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම තවත් පියවරකි. ඇතැම් ආයතනවල සුවිශේෂී තත්ත්වයන් නිසා වෙළෙඳපොළ තරඟයට යොමු කිරීම දුෂ්කර ය. ඒවා රජය යටතේ තබගෙන් කාර්යක්ෂම කිරීම අවශ්‍ය වෙයි. නමුත් ඇතැම් ආයතන විකුණා දැමීම අවශ්‍ය ය. පාඩු ලබන ඒවා පමණක් නොව ඇතැම් ලාභ  ලබන බව කියන ආයතන ද ඒ අතර ඇත. සමහරු අහන්නේ ලාභ ලබනවා නම් විකුනන්නේ කුමට ද? කියා ය. නමුත් මේ ආයතන ඇත්ත ලාභ  ලබන්නේ නැත. විශාල සම්පත් ප්‍රමාණයක් යොදා සොච්චම් ලාභයක් පෙන්වන්නේ ආයෝජනයට ප්‍රමාණවත් ප්‍රතිලාභයකින් තොරව ය. අතිරික්ත සේවක පිරිසක් නඩත්තු කරමින් සහ විශාල සම්පත් ප්‍රමාණ යොදා ගනිමින් පෙන්වන්නේ මෙහෙයුම් ලාභයකි. මෙය රටේ ඇති සීමිත සම්පත විනාශයකි. එම සම්පත්වලින් උපරිම ප්‍රතිලාභ රටට හිමි වන්නේ ඒවා පෞද්ගලික අංශයට ලබාදීම මගින් ය.

ඇතැම් ආයතන විකුණා දැමීම අවශ්‍ය ය. පාඩු ලබන ඒවා පමණක් නොව ඇතැම් ලාභ  ලබන බව කියන ආයතන ද ඒ අතර ඇත. සමහරු අහන්නේ ලාභ ලබනවා නම් විකුනන්නේ කුමට ද? කියා ය. නමුත් මේ ආයතන ඇත්ත ලාභ  ලබන්නේ නැත. විශාල සම්පත් ප්‍රමාණයක් යොදා සොච්චම් ලාභයක් පෙන්වන්නේ ආයෝජනයට ප්‍රමාණවත් ප්‍රතිලාභයකින් තොරව ය. අතිරික්ත සේවක පිරිසක් නඩත්තු කරමින් සහ විශාල සම්පත් ප්‍රමාණ යොදා ගනිමින් පෙන්වන්නේ මෙහෙයුම් ලාභයකි. මෙය රටේ ඇති සීමිත සම්පත විනාශයකි. එම සම්පත්වලින් උපරිම ප්‍රතිලාභ රටට හිමි වන්නේ ඒවා පෞද්ගලික අංශයට ලබාදීම මගින් ය.

පෞද්ගලික අංශය වඩා කාර්යක්ෂම ලෙස මෙම ව්‍යාපාර කරන විට රජයට බදු ලෙස වැඩි අදායමක් ලැබිය හැකිවන අතර ම සමාජයට ලැබෙන ප්‍රතිලාභ ද වැඩි ය. එමෙන් ම, රටේ ශක්තිමත් ව්‍යාපාරික පන්තියක් බිහි කිරීම සඳහා ද එය වැදගත් පියවරකි.

ඇතැම් රාජ්‍ය ආයතන වසා දමන්නට ද සිදුවන්නේ වියදම් කප්පාදුව සඳහා ය. ඇතැම් ආයතන තව දුරටත් රජයෙන් නඩත්තු නොකරන බව දන්වා ඇත.  සුව සැරිය එවැන්නකි. එය රජයේ නඩත්තුවෙන් ඉවත් කළ විට දැන් එහි බරපැන දරන්නට පෞද්ගලික සමාගම් 40 ක් පමණ ඉදිරිපත් වී ඇති බව වාර්තා වී ය.

වියදම් අධික ව්‍යාපෘති රැසක් ද අත්හැර දමන්නට රජය පියවර ගෙන ඇත. මාර්ග සංවර්ධන ව්‍යාපෘති ද ඒ අතර වෙයි.

රාජ්‍ය සේවය සහ හමුදාව කුඩා කිරීමේ ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කොට ඇත. මෙතරම් විශාල හමුදාවක් පවත්වාගෙන යාමේ හැකියාවක් මෙන් ම වුවමනාවක් ද නැත

ඒ වියදම් කැපීමේ පැත්තේ ඇතැම් කරුණු ය. අනෙක් පැත්ත නම් ආදායම් වැඩිකර ගැනීම යි. ඉහළ ආදායම් ලාභීන්ට එහි බර පටවා ඇත්තේ සාමාන්‍ය ජනයා  ගෙවන වක්‍ර බදු වැඩි නොකරමිනි. වෘත්තිකයින්ට මෙය මහා බරක් ලෙස එකවර දැනී ඇත්තේ මෙතෙක් කල් එහෙම බදු නොගෙවූ නිසා ය. නමුත් රට ගොඩ දමන්නට නම් මේවා නොකර බැරි ය.

මුල්‍ය අරමුදල කියා ඇත්තේ මේවා කළ යුතු වැඩ බව යි. නමුත්, මෙරට වෘත්තිකයින්, ඇතැම් දේශපාලන පක්ෂ සහ වෙනත් පිරිස් නැගී සිට ඇත්තේ මේවා නවත්තන්නට ය. ඔවුන් කියන්නේ මේවා ජනතාවට බර පැටවීම් බව යි. නමුත්, ඇත්ත කතාව නම් මේවා නොකළ හොත් ජනතාව ජීවත් කිරීමට ද බැරිවන බව යි.

කෙසේ වෙතත්, මේ අවස්ථාවේ මෙම ප්‍රතිසංස්කරණ ආපසු හරවන්නට නොහැකි වී ඇත්තේ අර්බුදයේ දරුණු බව නිසා සහ මුල්‍ය අරමුදල ඒ පිටුපස සිටීම නිසා ය.

අර්බුදයේ අනෙක් අංශය නම් විදේශ විනිමය අර්බුදය යි. එනම්, ආනයන වියදම් දරන්නට අපනයන ආදායම් ප්‍රමාණවත් නොවීම යි. එයට දැන් යොදා ඇත්තේ පැලැස්තරයකි. එනම් ඇතැම් ආනයන සීමා කිරීම යි. එය දිගට ගෙන යා නොහැකි ප්‍රතිපත්තියක් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස අපනයන පහළ වැටීම ද සිදුවන බැවිනි.

අනෙක් අතට ණය ගෙවීම ද නවතා ඇත. එය ද දිගට ගෙන යා නොහැකි ය.

එක ම විසඳුම වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ය. එනම් දැන් වසරකට ගෙවන්න තිබෙන ඩොලර් බිලියන 6 ක පමණ මුදල ගෙවිය හැකි මට්ටමකට අඩු කර ගැනීම ය. වසරකට ඩොලර් බිලියන 3 ක් ගෙවිය හැකි නම් හොඳ ය. ඉලක්කය කුමක්දැයි අපි නොදනිමු. නමුත්, යම් කිසි ආකාරයකින් එය කළ යුතුව ඇත.

එක ම විසඳුම වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ය. එනම් දැන් වසරකට ගෙවන්න තිබෙන ඩොලර් බිලියන 6 ක පමණ මුදල ගෙවිය හැකි මට්ටමකට අඩු කර ගැනීම ය. වසරකට ඩොලර් බිලියන 3 ක් ගෙවිය හැකි නම් හොඳ ය. ඉලක්කය කුමක්දැයි අපි නොදනිමු. නමුත්, යම් කිසි ආකාරයකින් එය කළ යුතුව ඇත.

රටේ විදේශ විනිමය ආදායම් වැඩිකර ගැනීම සඳහා මේ වන විට ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග සාර්ථක වෙමින් පවතියි. සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් වර්ධනය වෙමින් පවතියි. මාර්තු මාසයේ ආදායම ඩොලර් මිලියන 200 කට ආසන්න ය. විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ වසරකට පෙර මසකට ඩොලර් මිලියන 200 ආසන්නයට අඩු වී තිබිණි. මාර්තු මාසයේ එම ආදායම ඩොලර් මිලියන 569 ක් බව වාර්තා වී ය. මෙම ආදායම් තවත් වැඩි කර ගත යුතු ය.

අනෙක් වැදගත් පියවර වන්නේ විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සහ විදේශ වෙළෙඳපොළ සඳහා භාණ්ඩ සහ සේවා අපනයනය ඉහළ දමා ගැනීම යි.

ඒ සඳහා ආයෝජන පහසු කිරීමේ පරිසරයක් අවශ්‍ය වෙයි. ආයෝජකයින්ගෙන් අල්ලස් ඉල්ලන දුෂිත දේශපාලනය සහ රාජ්‍ය තන්ත්‍රය ප්‍රතිසංස්කරණය ඒ සඳහා අත්‍යවශ්‍ය වෙයි. ස්වාධින කොමිසන් සභා ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 සංශෝධනය ඒ සඳහා අත්‍යවශ්‍ය වූ මුල් පියවරකි. විගණන කොමිසන් සභාව, ප්‍රසම්පාදන කොමිසන් සභාව ආදිය එයට ඇතුළත් ය. එමෙන් ම කෝප්, කෝපා , සහ රාජ්‍ය මුදල් කාරක සභාවන්ට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ හැරීමත්, අමාත්‍යංශ කටයුතු අධීක්ෂණයට පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීමත් තවත්, වැදගත් පියවරයන් ය.   යෝජිත දුෂණ විරෝධී පනත එහි තවත් එක් පියවරක් විය හැකිය.

දුෂණය පිටු දැකීම රාජ්‍ය වියදම් කළමනාකරණය සහ විදේශ ආයෝජන ගෙන්වා ගැනීම ඇතුළු ආර්ථිකයේ සමස්ත ක්‍රියාවලියට වැදගත් වන අත්‍යවශ්‍ය පියවරකි.

එමෙන් ම මෙරට ඉඩම් නීති, කම්කරු නීති ඇතුළු ව්‍යාපාර කෙරෙහි බලපාන තවත්, බොහෝ ප්‍රතිසංස්කරණ ද සිදුකළ යුතුව ඇත. එනම්, මේ රට පහසුවෙන් ව්‍යාපාර කළ හැකි රටක් බවට පත්කළ යුතුව ඇත.

රජයට අයත් ඇතැම් ව්‍යවසාය විදේශිකයින්ට විකුණා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම ද තවත් වැදගත් පියවරකි. එලෙස රටකට ඇතුළු වන සමාගම් පසුව රට තුළ තවත් ආයෝජන කිරීමට පෙළඹීමේ ප්‍රවනතාවක් ඇත. එමෙන් ම, සාර්ථක වන සමාගම් පිටුපසින් තවත් සමාගම් පැමිණීම ද සිදුවෙයි. මෙරට නිදහස් වෙළෙඳ කලාපවල, සහ රබර් කර්මාන්ත ක්ෂේත්‍රයේ අත්දැකීම එය යි.

රජයට අයත් ඇතැම් ව්‍යවසාය විදේශිකයින්ට විකුණා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම ද තවත් වැදගත් පියවරකි. එලෙස රටකට ඇතුළු වන සමාගම් පසුව රට තුළ තවත් ආයෝජන කිරීමට පෙළඹීමේ ප්‍රවනතාවක් ඇත. එමෙන් ම, සාර්ථක වන සමාගම් පිටුපසින් තවත් සමාගම් පැමිණීම ද සිදුවෙයි. මෙරට නිදහස් වෙළෙඳ කලාපවල, සහ රබර් කර්මාන්ත ක්ෂේත්‍රයේ අත්දැකීම එය යි.

විදේශ සමාගම් රටවල් තුළට බොහෝ දේ රැගෙන එයි. ආයෝජනය නැතහොත් මුදල් ඉන් එකක් පමණකි. තාක්ෂණය සහ ව්‍යාපාරික දැනුම ඔවුහු රැගෙන එති. ඔවුන් රැගෙන එන තවත් වැදගත් දෙයක් නම් වෙළෙඳපොළ යි. එනම් ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා පිවිසීමේ අවස්ථා යි.

චීනයේ, ඉන්දියාවේ සහ මැලේසියාව වැනි වෙනත් රටවල ද වාහන නිෂ්පාදන කර්මාන්තය වර්ධනය වුයේ විදේශ සමාගම්වල මැදිහත්වීමෙනි. දැන් එම රටවල ජාතික යැයි කිවහැකි නිෂ්පාදන දක්වා එම කරමාන්ත වර්ධනය වී ඇත.

ඕස්ට්‍රේලියාවේ ගල් අඟුරු ආකාරයක් සඳහා එරට රජය ඉන්දියාවේ ආදානි සමාගමට අවසර දුන්නේ ය. එය ඉන්දියාවේ ගල් අඟුරු වෙළෙඳපොළට ප්‍රවේශයකි.

එබැවින් විදේශ ආයෝජන ගෙන්වා ගැනීම ජාතික ප්‍රමුඛතාවයක් ලෙස සලකා ක්‍රියා කළ යුතු ය. ඉන්දියාව, චීනය, බංගලිදේශය, වියට්නාමය ඇතුළු බොහෝ රටවල් ආර්ථික සංවර්ධනය වේගවත් කරගෙන ඇත්තේ එබඳු ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම මගිනි. දැන් අපට සිදුව තිබෙන්නේ එම රටවල් සමග තරඟ කරන්නට ය.

අපේ කොන්දේසි යටතේ එන්නැයි විදෙස් ආයෝජකයින්ට කීමෙන් මේ තරඟය ජය ගන්නට බැරි ය.

සමහරු අහන්නේ කෝ සැලසුම් කියා ය. එසේ වුව ද, සමස්ත සැලැස්මේ සැලකිය යුතු කොටසක් මේ වන විටත් ක්‍රියාවට නගා අවසන් ය. තවත්, කොටසක් ක්‍රියාවට නැගෙමින් පවතියි. අනෙක් කොටස පිළිබඳව ඇත්තේ ඉදිරි දැක්ම පමණකි. ඒවා සැලසුම් කොට ක්‍රියාවට නැගිය යුතු ය.

සමහරු අහන්නේ කෝ සැලසුම් කියා ය. එසේ වුව ද, සමස්ත සැලැස්මේ සැලකිය යුතු කොටසක් මේ වන විටත් ක්‍රියාවට නගා අවසන් ය. තවත්, කොටසක් ක්‍රියාවට නැගෙමින් පවතියි. අනෙක් කොටස පිළිබඳව ඇත්තේ ඉදිරි දැක්ම පමණකි. ඒවා සැලසුම් කොට ක්‍රියාවට නැගිය යුතු ය.

මේවා සැලසුම් කිරීම ද පහසු නැත. එය කරන්නට වන්නේ අදාළ සියලු පාර්ශව සමග සංවාද සහ විරෝධතා මැද ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 සංශෝධනයේ දී එය සම්මත කළ හැකි වුයේ වට කිහිපයකින් කළ සංශෝධනවලින් පසුව ය. විදුලි ගාස්තු වැඩි කිරීම, බදු සංශෝධන ක්‍රියාවට නගන ලද්දේ විරෝධතා මැද ය. ආණ්ඩුවට ඒවා කළ හැකි වුයේ, යම් යම් කණ්ඩායම් විරුද්ධ වුවත්, එම විරෝධතාවලට පොදු මහජන සහයක් නොලැබුණ නිසා ය. එම තත්ත්වය පවතින්නේ පසුගිය වසරේ විඳින්නට සිදු වූ පීඩා මතකයේ තිබෙන නිසා ය. කල් යන විට ඒවා අමතක වන්නට ද බැරි නැත.

ඉදිරියට කරන්නට තිබෙන ප්‍රතිසංස්කරණ වඩා සංකීර්ණ ය. එමෙන් ම විවාදාත්මක ය. වැඩියෙන් විරෝධතා ඇතිවීමේ හැකියාවක් ද පවතියි.

ඉදිරියට කරන්නට තිබෙන ප්‍රතිසංස්කරණ වඩා සංකීර්ණ ය. එමෙන් ම විවාදාත්මක ය. වැඩියෙන් විරෝධතා ඇතිවීමේ හැකියාවක් ද පවතියි.

කෙසේ වෙතත්, රට සහ ආර්ථිකය ගොඩ යන බව පෙනී ගියහොත් මහජනයාගේ සහය මෙම වැඩ පිළිවෙළට ලබාගත හැකි වනු ඇත.  ඒ සඳහා සිදුවන දේ පිළිබඳ අවබෝදයක් ජනතාවට තිබිය යුතු ය. නැතහොත් සිදුවීය හැක්කේ වැඩි පිරිසක් බොරු විරෝධතාකරුවන්ගේ සහකරුවන් බවට පත්වීම යි.

එබැවින් මෙම වැඩ පිළිවෙළ පිළිබඳ අවබෝදය සහ එයට සහය වන මතවාදය ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙයි.

සී ජේ අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *