එක්ස්ප්‍රස් පර්ල් වන්දිය වෙනුවට ඩොලර් මිලියන 250 ක අල්ලසක් අරන් ? – අධිකරණ ඇමතිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

 

එක්ස්ප්‍රස් පර්ල් නවුකාවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු වන්දිය සම්බන්ධයෙන් කටයුතු කරන කිසියම් පාර්ශවයක් ඩොලර මිලියන 250 ක අල්ලසක් ලබගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු පිළිබඳව අධිකරණ ඇමතිවරයා පොලිස්පතිවරයාට පැමිණිලි කොට ඇති බව වාර්තා වෙයි

2021 ජූනි මස මුලදී සමුද්‍ර ව්‍යසනයක් ඇති කරමින් කොළඹට ඔබ්බෙන් මුහුදුබත් වූ එක්ස් ප්‍රෙස් පර්ල් නැමති බහාලුම් ප්‍රවාහන සමාගමේ හිමිකරුවන් වන එක්ස් ප්‍රෙස් ෆීඩර්ස් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමේ අසීමිත ප්‍රමාදය අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ මෙම හෙළිදරව්වත් සමග නව මුහුණුවරක් ගෙන තිබේ. දැනට පවතින සාකච්ඡාවලට සම්බන්ධ කිසියම් පාර්ශ්වයකට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ලැබී එම මුදල් බ්‍රිතාන්‍ය බැංකුවක ගිණුමකට යැවූ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ  මහතා පොලිස්පති ඩී සී වික්‍රමරත්න මහත්ගෙන් ඉල්ලීමක් කොට ඇත.

කන්ටේනර් 1,486ක් රැගත් එක්ස්ප්‍රස් පර්ල් යාත්‍රාව 2021 මැයි 20 වන දින කොළඹට ඔබ්බෙන් ගිනි දැවී ගියේය. එහි භාණ්ඩ තොගය අතර නයිට්‍රික් අම්ල මෙට්‍රික් ටොන් 25ක් සහ ප්ලාස්ටික් පෙති බිලියන 50ක් පමණ තිබී ඇත.

එක්ස් ප්‍රෙස් ෆීඩර්ස් හි අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි අයට ලැබුණු සහයෝගය සම්බන්ධයෙන් චෝදනා සහ ප්‍රති චෝදනා මධ්‍යයේ තමාට විදේශ බැංකු ගිණුම් අංකයක් ලැබී ඇති බව අමාත්‍ය රාජපක්ෂ අනාවරණය කොට ඇත . කෙසේ වෙතත්, ඔහු එහි සත්‍යතාව සඳහා සහතික වීම ප්‍රතික්ෂේප කරයි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *