ජපානය ,ඉන්දියාව සහ ප්‍රංශය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන හෙට කියයි

 

ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල හෙට (13) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

අමෙරිකාවේ වොෂිංටන් හිදී අදාළ රටවල් විසින් ඒ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ජපාන මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ බව ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව පිළිබඳ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය තීරණය කර තිබුණි.

ඒ අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද අදාළ රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හෙට දිනයේ සිදුකිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *