රනිල්ල්ට එරෙහිව බැසිල් සටනට !

 

ඉදිරියේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන ජනාධිපතිවරණයක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කණ්ඩායමක් තීරණය කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි .

මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ පොදුජන පෙරමුණේ විශාල පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බව ප්‍රකාශ කොට තිබිය දී ය.

කංචන විජේසේකර සහ බන්දුල ගුණවර්ධන ඇමතිවරුන් පසුගිය දා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයක දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම සුදුසු බව යි.

එසේ වුව ද ,ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ රටේ නායකත්වයට බැසිල් රාජපක්ෂ මහතා සුදුසු බවව යි. අවුරුද්දෙන්  පසු පක්ෂයේ සිදුවන නායකත්ව වෙනසක් ගැන ද ඒ මහතා කී ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස නිතරගයෙන් පත් කර ගත යුතු බව තමන්ගේ විශ්වාසය බව යි. රනිල් වික්‍රමසිංහ මහතා ජාතික වස්තුවක් ලෙස සැලකිය යුතු බව ඒ මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *