ජනතා සහභාගීත්වයක් නැහැ ; වෘත්තීය සමිති කොළඹ වැටලීම කල් දමයි

 

සැලකිය යුතු ජනතා සහභාගීත්වයක් ලබාගත නොහැකි වීම නිසා රජයට එරෙහි වෘත්තීය සමිති ප්‍රකාශයට පත්කොට තිබු කොළඹ වැටලීම දින නියමයක් නැතිව කල් දමා ඇති බව වාර්තා වෙයි.

වෘත්තිය සමිති නායකයින් පසුගිය සතියේ ප්‍රකාශ කළේ දස ලක්ෂයක ජනතාවක් කොළඹට කැඳවා 10 දා (ඊයේ ) කොළඹ වටලා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත්, ඇතැම් වෘත්තීය සමිති දන්වා ඇත්තේ මේ මොහොතේ රජයට එරෙහිව ජනතාව කැඳවිය නොහැකි බවයි.

මේ වන විට ඒකාබද්ධ විරෝධයක් පිළිබඳ අදහස ද අත්හැර දම ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රකාශ කළේ අවුරුදු නිවාඩුවෙන් පසු යලි ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාරය අරඹන බවයි.

කෙසේ වෙතත්, බොහො වෘත්තිය සමිති තමන්ට ඇති අපහසුතා ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *