රනිල්ගෙ වැඩපිළිවෙල කඩාකප්පල් කළොත් වගකීම ගන්න – වජිර අබේවර්ධන

 

මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න ශ්‍රී ලාංකික ජනතාවට හැකිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

නිදහසින් පසු රට බෙදීම් වෙන්වීම් සහ විවිධ මතවාදයන් ඔස්සේ ක්‍රියා කිරීම නිසා කඩාගෙන වැටී තිබෙන බවද  පිරිසක් විසින් බංකොලොත් භාවට පත් කළ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඔසවා තබමින් සිටින බවද අබෙිවර්ධන මහතා කීය.

ඒ කාර්ය සඳහා  ශ්‍රී ලාංකික සමස්ථ ජනතාව සහයෝගය ලබාදිය යුතුව තිබෙන බවද  වෙනත් දේවල් කර වැඩපිළිවෙල යම් හෙයකින් කඩාකප්පල් කළහොත් එහි වගකීමද ඒ කණ්ඩායම් විසින් බාරගත යුතුව තිබෙන බවද මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *