බිල්පත් පොලියේ දැවැන්ත පහළ යාමක්

 

ඊයේ (05) දිනය රජයේ නිවාඩු දිනයක් වූ බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාමාන්‍යයෙන් සතියේ බදාදා දිනයේ දී පවත්වනු ලබන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ඊට පෙර දින එනම් අඟහරුවාදා (04) දිනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

ඒ අනුව මෙම සතියේ වෙන්දේසිය සඳහා රු. මිලියන 110,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඊට රු. මිලියන 177,555 ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණි.‍

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 110,000 ක ලංසු පිළිගැනීම‌ට එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගන්නා ලදී.

මෙවර වෙන්දේසියේ දී දැකගැනීමට හැකි වූ සුවිශේෂී කරුණක් නම් පසුගිය වෙන්දේසියට සාපේක්ෂව පොලී අනුපාතිකවල කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වීමයි.

ඒ අනුව දින 91 බිල්පත් පොලිය 25.99% සිට 24.12% ක් දක්වා ද, දින 182 බිල්පත් පොලිය 25.79% 24.10% ක් දක්වා සහ දින 364 බිල්පත් පොලිය 24.31% සිට 22.37% ක් දක්වා පහළ ගොස් තිබුණි.

අද දෙරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *