සජිත් සමග සජබ ගෙඩිය පිටින් ආණ්ඩුවට එන්න කතා ; එජාප පිරිසක් විරුද්ධ වෙති !

 

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයක් වශයෙන් ම ආණ්ඩුවට සහය දීමට සාකච්ඡා කරමින් සිටින නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල පිරිසක් එයට විරුද්ධ වී ඇතැයි තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

එම පක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට සහය දීමට ඉදිරිපත් වීමත් සමග මෙම නව තත්ත්වය වර්ධනය වී ඇත.

ආණ්ඩුවේ පිරිසක් සහ සජිත්ට හිතවත් කණ්ඩායමක් මෙම සාකච්ඡාවලට සම්බන්ධ වී සිටිති

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පසුගිය දා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා නැවත පක්ෂයට එන්නේ නම් තමන් දරන නියෝජ්‍ය නායක තනතුර ඔහුට ලබාදීමට සූදානම් බවයි.

කෙසේ වෙතත්, සජබ කණ්ඩායම කියා ඇත්තේ පක්ෂය කඩා පිරිසක් නොගන්නා ලෙස සහ පක්ෂය වශයෙන් සහය දීමට සූදානම් බවයි.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඇතුළු ප්‍රබල පිරිසක් එම යෝජනාවට විරුද්ධ වී ඇති අතර ඔවුන් කියන්නේ මේ මොහොතේ පක්ෂයේ බෙදීම වළකා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා කපටිකමක් කරන බවයි.

මීට පෙර සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධවීමට එම පක්ෂයේ පිරිසක් ඉදිරිපත් වූ විට, පක්ෂය විපක්ෂයේ සිට සහය දෙන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බවත්, නමුත් පසුව ඒ සියල්ල අමතක කොට ආණ්ඩු විරෝධී ක්‍රියා උත්සන්න කළ බවත්, එජාප ප්‍රබලයෝ පෙන්වා දී තිබේ.

එබැවින් මේ අවස්ථාවේ නැවතත් සජිත් ගැන විශ්වාසය නොතබා කටයුතු කළ යුතු බව එම ප්‍රබලයන්ගේ මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *