දුමින්ද සිල්වා රට යැවීමේ සැලසුම බකල් !

මරණීය දඩුවම නියම වී සිටින දුමින්ද සිල්වා බරපතල රෝගී තත්වයෙන් සිටින බවට වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඔහු සිංගප්පුරුවට ගෙනයාමට කර තිබු සැලසුම මේ වනවිට අසාර්ථක වී ඇතිබව වාර්තා වෙයි . ඔහු බාරගැනීම ජයවර්ධනපුර රෝහල විසින් ප්‍රතික්ෂේප කිරීම එයට හේතු වී තිබේ . ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ අතුල කහඳලියනගේ මහතා ප්‍රශ්න කර ඇත්තේ හොදම ස්නායු  වෛද්‍ය ඒකකය කොළඹ තිබියදී දුමින්ද සිල්වා ජයවර්ධනපුරයට එවන්නේ කුමන හේතුවක් නිසාද යනුවෙනි . එලෙස හරවා යැවුවද අසාධ්‍ය තත්වයක සිටින බව කියන දුමින්ද සිල්වා මේ වනතෙක් කොළඹ මහා රෝහළට ඇතුළත් කොට නැත . ඔහු තවමත් බන්ධනාගාර රෝහලේ විවේක සුවයෙන් සිටින බව වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *