ඉන්ධන කෝටාව ඉහළ දමයි

 

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර අති බව වාර්තා වෙයි

මෙම ඉහළ දැමීමට අනුව අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ද ඉහළ දමා ඇත.

මීට පෙර බස් රථ සඳහා ලබා දුන් ඉන්ධන ලීටර් 40 ඉන්ධන ලීටර් 60ක් දක්වා ද ඉහළ දමා තිබේ.

මේ අතර මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා ඉහළ දමා තිබේ.

ඉඩම් වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 25ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

එසේම විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා නිකුත් කරනු ලැබූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට 30 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *