සජබ මන්ත්‍රීන්ට සජිත්ගෙන් පාටියක් ; පක්ෂය රැකගන්න අවසන් උත්සහයක් !

 

තම පක්ෂයේ මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට එකතුවීම වලකා ගැනීමේ අවසන් උත්සහයක් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

ඊයේ (3) රාත්‍රියේ මෙම භෝජන සංග්‍රහය පවත්වා ඇත්තේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් ඉම්පීරියල් හෝටලයේ දී ය.

ආණ්ඩුවට එක්වන බවට වාර්තා වූ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙම භෝජන සංග්‍රහයට පැමිණ සිටි බව කියති.

කෙසේ වෙතත්, සජබ තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට බරපතළ අභියෝග එල්ල වී ඇති බව ද තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

පක්ෂයක් ලෙස සජබයේ පැවැත්මට ද දැඩි අභියෝගයක් මෙම මොහොතේ එල්ල වී ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *