ආර්ථික අර්බුදය අවසන් කියා සිතන්න එපා – මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන

 

සමහර පිරිස් නොයෙකුත් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ රටේ ආර්ථික අර්බුදය දැන් අවසන්ව ඇතැයි සිතාගෙන බව පෙනී යන්නේ යයි ද, එවැනි තත්ත්වයක් නැති අතර තවමත් රට ගෙනියන්නේ ඉතා අමාරුවෙන් බව ද, මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රජයේ වියදම් සපයා ගැනීමට මුදල් අමාත්‍යංශයට විශාල වෙහෙසක් දරන්නට සිදු වී ඇති බව ද ඒ මහතා කී ය.

විශ්ව විද්‍යාල ආර්ථික විද්‍යා ආචාර්යවරුන් දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *