රනිල් යලි ජනපති කරන්න පොහොට්ටු මන්ත්‍රීන් බහුතරය කැමතියි – ඇමති කාංචන විජේසේකර

 

ඉදරියේ ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහත නැවතත්, ජනාධිපති ලෙස පත් කළ යුතු බව පොහොට්ටු මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වී ඇතැයි විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා කියන්නේ එම අදහසේ කිසිදු වරදක් ඇතැයි තමා නොසිතන බවයි.

උද්ඝෝෂණවලට තමා විරුද්ධ නැති බවත්, දශ දහසක් නොව ලක්ෂයක් ගෙනත්, උද්ඝෝෂණ කළත් ප්‍රශ්නයක් නැති බවත්, කී ඒ මහතා කෙසේ වෙතත්, මහජන සේවා අඩාළ කිරීමට ක්‍රියා කළොත් ප්‍රතිචාර දැක්වීමට සිදුවන බව ද කී ය.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *