ඉදිරි මාස දෙක තුළ පොලී අනුපාත පහළට

 

බැංකු පොලී අනුපාත ඉදිරි මස දෙක තුළ පහත දැමීමට මහ බැංකුව සැලසුම් කොට ඇති බව එක්සත් ජාතික පක්ෂ නුවරඑලිය දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල තම මහ බැංකු අධිපති හමු වී සාකච්ඡා කළ බවත් එහි දී මහ බැංකු අධිපතිවරයා මෙම කරුණු පැවසු බවත් දිසානායක මහතා කියයි.

පොලී අනුපාත මුල් අවස්ථාවේ සියයට 15 , 20 මට්ටමට අඩු කිරීම මහ බැංකුවේ ඉලක්කය වී ඇති බව ද දිසානායක මහතා හෙළි කළේය.

සිරිකොත පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙම තොරතුරු හෙළි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *