ඉදිරි මාස දෙකේ දී ප්‍රබල පනත් තුනක් ගේනවා – ජනාධිපති

 

ඉදිරි මාස දෙකක කාලය තුළ වැදගත් පනත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

දුෂණ විරෝධී පනත, ත්‍රස්තවාදයට එරෙහි පනත සහ සත්‍ය සෙවීමේ සහ ප්‍රති සන්ධාන කොමිසන් සභා පනත එලෙස ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබේ.

මෙම පනත් සම්බන්ධ අධිකරණ විමසුම්වලට ඉඩ ලබා දිය යුතු නිසා පනත් තුන එකවර ගෙනෙන්නේ නැති බවත්, කෙසේ වෙතත්,ජුනි මාසය වන විට පනත් තුන සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

එමෙන් ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගන්නා බවත්, එහි වැදගත් කරුණු වෙනම පනත් ලෙස නීතිගත කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිතුමා පැවසීය.

විශ්ව විද්‍යාලවල ආර්ථික විද්‍යා ආචාර්ය වරුන් සමග අද පැවති සාකච්ඡාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *