ප්‍රකෝටිපතියන් සංඛ්‍යාවෙන්කොමියුනිස්ට් චීනය ධනවාදී ඇමෙරිකාව පරදවා තවත් ඉහළට

චීනය තුළ ජීවත්වන ඩොලර් බිලියනපතියන් සංඛ්‍යාව ඇමෙරිකාව අභිභවා තවදුරටත් ඉහළ ගොස් ඇති බව චීනය පවසයි.

චීනයේ වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව සලකා බැලීමේදී එරට බිලියනපතියන් සංඛ්‍යාව වැඩිවෙමින්, දෙරට අතර බිලියනපතියන් සංඛ්‍යාවේ පරතරයේද මෙම වසරේදී ඉහළ යෑමක් පෙන්වා තිබේ.

එහිදී, 594ක් දක්වා ඉහළ ගොස් ඇති චීන බිලියනපතියන් අතර දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ධන කුවේරයෙකු වන වැන්ග් ජියෑන්ලින් ඉහළින්ම වැජඹෙයි. මේ වසරේදී ඇමෙරිකානු බිලියනපතියන් සංඛ්‍යාව 535කි.

චීන ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ අලිබබා ඉ-වාණිජ්‍ය ව්‍යාපාරයේ ජැක් මා ය. ඔහුගේ වත්කම් පසුගිය වසරට වඩා 41% කින් ඉහළ ගොස් තිබේ.

චීනයේ හුරුන් ප්‍රකාශකයන් විසින් එළිදක්වන මෙම ධනවතුන් පිළිබඳ වාර්තාව, ඇමෙරිකාවේ ෆෝබ්ස් සඟරාවේ ධනවතුන් පිළිබඳ දත්ත සමග සසඳා බලමින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

චීනයේ, ධනවතුන් පිළිබඳ අතිශය සියුම් ලෙස නිරීක්ෂණයක නිරත වන හුරුන් වාර්තාව, පසුගිය වසර 18ක කාලය තුළ වාර්ෂිකව ප්‍රකාශයට පත්කරයි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *