සජබයෙන් 22 ක් ආණ්ඩුවට ?

 

විපක්ෂයේ සමගි ජන බලවෙගයෙන් ආණ්ඩුවට එක් වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගැන විවිධ වාර්තා පළ වී ඇති අතර අන්තර්ජාල අඩවිවල අද වාර්තා කොට තිබුණේ එම සංඛ්‍යාව 22 ක් වන බවයි.

සජබ කණ්ඩායමක් ආණ්ඩුවට එක් වන බව දේශපාලන ආරංචි මාර්ග මීට පෙර සිට වාර්තා කොට තිබිණි. අද සති අන්ත පුවත්පත් ගණනාවක් මගින් ද එම පුවත තහවුරු කොට තිබිණි.

මේ අතර ඇතැම් දේශපාලන ආරංචි මාර්ග කියන්නේ පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැඩි ස්ථාවරයක සිටි කිහිප දෙනෙකු ම මේ වන විට ආණ්ඩුවට එක්වීමට  සුදානමින් සිටින බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *