සජබෙන් ආණ්ඩුවට යන මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි විස්ස ගානේ දෙනවා – සජබ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර

 

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එකතු වන මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි විස්ස බැගින් ලබා දීමට ආණ්ඩුව සුදානමින් සිටින බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බම්දර මහතා විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

එමන් ම සජබයෙන් විස්සක් යනවා, හතළිහක් යනවා ආදී වශයෙන් ආණ්ඩුව විවිධ බොරු ප්‍රචාර කරමින් සිටින බව ද , ඒ මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සහය දීමට යන බවට පල වූ ප්‍රවෘත්ති පිළිබඳව සඳහන්  කරමින් ඒ මහතා  මේබව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *