ආණ්ඩුවට ආධාර දීමෙන් මුල්‍ය අරමුදල කළේ ලොකු වරදක් – ලක්ෂ්මන් කිරිඇල්ල

 

ආණ්ඩුවට ආධාර කිරීමෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කළේ ලොකු වරදක් බවත්, මෙයින් රට ලේ විලක් විය හැකි බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුවට ජන වරමක් නැති බවත්, එම ආණ්ඩුවට සහය දීම වැරදි බවත්, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි. කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ඒ මහතා මේබව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, කිරිඇල්ල මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ආණ්ඩුවට මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට තම පක්ෂය ද සහය දුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *