කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ ශක්තිමත් ආයතනයක් – හොරකම, වංචාව, දූෂණය නැති කිරීම අපේ අරමුණයි

sunilකෝප් වාර්තාව සම්බන්ධයෙන් ප්‍රමාද උන සාකච්ඡාවක් මේක. ඒ වාගේම ස්තුතිවන්ත වෙන්න ඕනි මැතිවරණ කොමසාරිස්තුමාට. මේ සාකච්ඡාව මෙතනට ආවෙ ඔහු නිසා. කොප් වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළාට පස්සෙ මට කතා කලා. පාර්ලිමේන්තුව පිළිබඳව එපා වූ මිනිසුන් නැවත පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් ඇති උණා.  මේ වාර්තාව ඉදිරිපත් කිරීමත් සමගම. එතුමා කීවෙ මේක සමාජෙත් එක්ක සාකච්ඡා කරන්න ඕනි කියලා.

පාර්ලිමේන්තුවේ සභා ගත කළේ වාර්තාවේ පූර්විකාවක් පමණයි. මෙය වාර්තාව බවට පත් වන්නේ පිටු 1950 කට පමණ විශාල පාර්ලිමේන්තු ඉතිහාසයේ විශාල ග්‍රන්ථය ලෙස පත්වන ඇමුණුම් ටිකත් එක්ක. ජනවාරි 8 ජනතාවගේ අපේක්ෂාව තිබුණේ රුපියල් පහකින් හාල්මැස්සො අඩුවෙන එකවත්, රුපියල් දෙකකින් සීනි අඩුවෙන එකවත් නෙවෙයි. ජනතා අභිලාෂය වුනේ හොරකම, වංචාව, දූෂණය  නැති කිරීමයි.

කෝප් කාරක සභාව, ගිණුම් කාරක සභාවේ අපේ වගකීම තමයි, ජනතාව සතු මුදල් කොහොමද යහපාලනය ට  ලක් කරන්නේ  කියලා. එක යහපාලනය ට අනුව වෙනව නම් බඩුමිල ඉබේ අඩු වෙනවා. වෙර දාල මුදල් ඉපයීම කලයුතු නෑ. ණය වෙන්න ඕනි නෑ. මොකද අපිට පේනවා මහජන මුදල් කෝටි ගණන් රුපියල් 10 ට දාලා කතා කරණ අවස්ථා පාර්ලිමේන්තුවේ  තියෙනවා.

ව්‍යවස්ථාව මගින් දක්වනවා කාරක සභාවේ සියලු තොරතුරු පාර්ලිමේන්තුවට වාර්තා කලයුතු බව .නමුත්  ඊට කලින් එය හදාගතයුතු බවක් පෙන්නනවා. ඒකට තමා විගණකාධිපති තුමන් එයට සහභාගී වන්නේ. කෝප් කාරක සභාවෙ ඉන්න සාමාජිකයන් ගෙන් බෑ ස්වාධීන මතය නිවැරදි ආකාරයෙන් ගන්න. මොකද අපිට දේශපාලන උවමනා වන් තියෙනවා. විගණකාධිපති වාර්තා අනුව කෝප් කාරක සභා වෙදීත් කටයුතු කරන්න. අවම වශයෙන් නිවැරදි කණ්ණාඩිය එලියෙන් තියලා විෂය බද්ද දැනුමක් එක්ක විනිවිඳ භාවයෙන් මේ කටයුතුවල එකතු විය යුතුයි.

පසුගිය පාර්ලිමේන්තුවේදී සමහර නියෝජිතයන්, ඇමතිවරුන් මේ කෝප් කාරක සභාවට තමන්ගේ සහයෝගය පලකළා. මොකද ඇමතිවරයෙක් කෝප් සාමාජිකයෙක් වෙලා ඉන්නකොට ඇමතිවරයා යටතේ ඉන්න සංස්ථාවක් මණ්ඩලයක් කැදවපු ගමන් ඇමතිගෙ මූණ බලන් ලේකම් උත්තර දෙන්න ඕන. එහෙම උනාම මේක ප්‍රශ්නයක් ඒ නිලධාරින්ට ස්වාධීනව කටයුතු කරන්න බැරි වෙනව .ඒක නිසා අටවෙනි පාර්ලිමේන්තුවේ කෝප් සභාපති ලෙස මම තීරණයක් ගත්තා, කාරක සභාවෙ 26 එක්ක එකතුවෙලා  විෂය භාර ඇමතිවරයාට අදාල ආයතනයක් කැදවන අවස්ථාවකදී, ඒ ඇමතිවරයා කාරක සභා සාමාජිකයෙක් නම් ඔහු සහභාගී වියයුතු නෑ. ආඩම්බරයෙන් කියන්න ඕනි ඒ තීරණය අද අකුරටම ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලංකාව  ක්‍රිකට් ආයතනය කැදවපු  අවස්ථාවේ දයාසිරී ජයසේකර මන්ත්‍රීතුමාව එලියට යවන්න සිද්ධ උනා.

එහෙම නැති උනොත් මේ කාරක සභාව විධායකයට යට වෙනවා. විධායකය කියන්නෙ ජනාධිපති විතරක් නෙවේ කැබිනට් මණ්ඩලත් අයත් වෙනවා. ව්‍යවස්ථාවට තියෙන මේ දේ නැතිකරන්න නම් ඉක්මනින්ම මේක කරන්න ඕනි. ස්ථාවර නියෝගවල ඉතා පැහැදිලිව සදහන් වෙනවා. 126/5 වගන්තියේ  කාරක සභාවටත් එහි අනු කාරක සභාවටත් ඊට අයත් කාර්යයන් ඉටුකිරීම පිණිස කවර හෝ පුද්ගලයකු කැදවා ප්‍රශ්න කිරිමට ඇති බල‍යත්, කවර හෝ ලිපියක් පොතක් ලේඛනයක් හෝ වෙනයම් ලියවිල්ලක් ගෙන්වා ප්‍රශ්න කිරීමේ බලයත් ස්ථාවර නියෝගවල ඉතා පැහැදිලිව සදහන් වෙනවා. 126/5 වගන්තියේ  කාරක සභාවටත් එහි අනු කාරක සභාවටත් ඊට අයත් කාර්යයන් ඉටුකිරීම පිණිස කවර හෝ පුද්ගලයකු කැදවා ප්‍රශ්න කිරිමට ඇති බල‍යත් ගබඩාවලට හෝ වෙනත් ස්ථාන වලට පිවිසීමේ බලයත් හිමිවේ.

ඕනිම පුද්ගලයකු කැදවා ප්‍රශ්න කිරීමේ බලයක් අපට තියෙනවා. අවශ්‍ය නම් අහවල් ලේඛනය කැදවන්න ඕනි කියලා ඒකට අපට බලය තියෙනවා. කොතරම් ආරක්ෂාකාරී උනත් ඒකෙ තියෙන්නෙ ජනතාවගේ මුදල් නම් ඒක පරීක්ෂා කිරීමේ බලය අපට තියෙනවා.

බැදුම්කර ගණදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා තියෙන්නේ අපේ බලතල සීමාව පාවිච්චියට අරන් .කෝප් කමිටුව උසාවියක් නොවන බව ඇත්ත.රජයට උසාවියක කටයුතු පහසු කර ගන්න අටුවා ටීකා ටිප්පනී සියල්ලම අපි හොයලා තියෙන්නෙ. බැදුම්කර ගණුදෙනුවට අවැසි සියලු සාක්ෂි අපි ළග තියෙනවා. මේ සියලු නිර්දේශයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරලයි තියෙන්නෙ. නිර්දෙශයන් ක්‍රියාවට නගන්නේද නැද්ද යන්න පසු විපරම් කිරීමේ මූලික වගකීම පාර්ලිමේන්තුව සතුයි.

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලායින් පස්සේ මේ කාර්ය ඉවර වෙන්නෙ නෑ. ඒහි නිර්දේශයන් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් යලි කැදවා ප්‍රශ්න කිරීමේ බලය කෝප් කාරක සභාවට තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්,  ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් දෙදෙනාම කැදවලා ප්‍රශ්න කලා. මේ මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ගණන් දීමේ නිලධාරීන් හැටියට මේ දෙදෙනාම වගකියන්න ඕනි. ඒ නිසා වාර්තාව දැන් ජනතාවට බාර දීලා තියෙනවා, හැබැයි ක‍ඹේ කෙලවර පාර්ලිමේන්තුව සතුවයි තියෙන්නෙ. මේක කටවත් හිතෙන ඉදියට හමස් පෙට්ටියට දාන්න බෑ.

19 වන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය මගින් බලවත් කරපු ප්‍රසම්පාදන කොමිසම සම්බන්ධ නීතිය බලාත්මක කල යුතුයි. විගණන පණත නීති ගත කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කළයුතුව ඇති අතර මේවා නීතිගත කිරීම සම්බන්ධව ජනතාව ක්‍රියාත්මක වීම ඉක්මනින් සිදුකල යුතුයි.

මහ බැංකු බැදුම්කර ගණුදෙනුව එක ගනුදෙනුවක් විතරයි. අගෝස්තු නවවෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු වාර්තාව සම්බන්ධව කතා කලොත් ලංකාවට බොහෝ පාඩු සිදු වෙලා තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව, ඇවන්ගාඩ්  රක්නා ලංකා  වුනු පාඩුව, හෙජින් පාඩුව, විදුලිබල මණ්ඩලයේ පාඩු , ආසන්න වශයෙන් කෝටි 33000 කට ආසන්න පාඩුවක් සිද්ධ උණා. පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡාවට ලක් උණා. කවුරුත් මේක ගැන කතා කළේ නෑ..

 

සටහන – ගයාන් රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *