රනිල් බිත්තියට හේත්තු කර ප්‍රශ්නය විසඳාගත හැකි ද? – (රටේ රාළ වීඩියෝවක්)

අපේ සමාජයේ ආයෙත් වැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පත්වෙලා.එක පැත්තකින් අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන කතා වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් සාකච්ඡාවක් යනවා. ප්‍රතිව්‍යුහගතකරණය කියන නමින් ආයෙත් ඇවිත් තියෙන්නේ 2000 දී ආපු පෞද්ගලීකරණ වැඩපිලිවෙලමයි කියලා සමහරු කියනවා? සරලව කිව්වොත් රටේ රාජ්‍ය දේපල සහ ජාතික සම්පත් විකිණීමේ වැඩපිලිවෙල. නැත්තං රනිල් 2000දී ගෙනාපු Regaining Sri Lanka වැඩපිලිවෙල.

රනිල් දැන් පැහැදිලිවම කියනවා රජය ව්‍යාපාරය කරන්න ඕනි නෑ කියලා. ඒක ව්‍යාපාරික ප්‍රජාවට බාර දෙන්න ඕනි. රජය කරන්න ඕනි නීතිය සහ සාමය පවත්වාගෙන යෑම කියලා.

 

කොහොම හරි රජය ව්‍යාපාරවලින් ඈත්වෙලා ඒවා මොනිටර් කිරීමේ Part එක විතරක් කරන්න ඕනි කියන සාකච්ඡාව රනිල් උඩට ගෙනත් තියනවා. දැන් ඒකට විරුද්ධ මතයත් මහ පොලොවේ හැදෙමින් තියනවා. විපක්ෂය කියන්නේ රනිල් එදා ඉදන්ම කළේ විකුනං කන එක. මේ පාර නං කිසිම දෙයක් ඉතුරු නොකර සියල්ල විකුණගෙන කනවා කියලා. ආයෙත් කාටවත් ඇවිත් රට හදන්න දෙයක් රනිල් ඉතුරු කරන්නේ නෑ කියලා. දැන් වෘත්තීය සමිති ටික පාරට අරන් රනිල්ගේ විකුණගෙන කෑම නවත්තන්න කට්ය ලෑස්ති වෙනවා.

 

මේකට සමාන්තරව ආයෙත් මව්බිම සුරැකීමේ ව්‍යාපාර, ජාතික සම්පත් සුරැකීමේ සංවිධාන හැදිලා ලොකු ගාලගෝට්ටියක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ මත දෙකෙන් අපි කොයි මතයද පිලිගන්න ඕනි.

රනිල් ජනාධිපති නිසා ආණ්ඩුවේ මතය පිලිගන්න ඕනිද?

අනුර හරි සජිත් හරි නැත්තං වෙන කවුරු හරි කෙනෙක් කියන නිසා විපක්ෂයේ මතය පිලිගන්න ඕනිද?

නැත්තං වෘත්තිය සමිති කියන නිසා පිලිගන්න ඕනිද?

එක එක කාලෙට හීනෙන් බය වෙලා වගේ නැගිටලා දේශපාලනඥයෝ කට එන එන කතා කියද්දී අපි ඒවා පිලිගන්න ඕනිද?

ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති ‘රටේ රාළ ‘ දේශපාලන විග්‍රහයේ ඉතිරි කොටස POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *