අධ්‍යාපනය රජයේ වගකීමක් කියන එක, සැලසුම් සහගතව ප‍්‍රතික්‍ෂේප කරන තත්ත්වයක් තියෙනව – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

හේතුවාදීන්ගේ සංගමය මගින් පවත්වනු ලබන මාසික දේශන මාලාවේ, නොවැම්බර් මාසය වෙනුවෙන් පවත්වනු ලැබූ දේශනය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් පවත්වන ලදී මෙම ලිපිය එම දේශනය ඇසුරෙන් සකස් කරන ලද්දකි.

අධ්‍යාපනය රජයේ වගකීමක් කියන එක, සැලසුම් සහගතව ගොඩක් අය ප‍්‍රතික්‍ෂේප කරනව. අපේ සමාජයේ දේශපාලන ආදිපත්‍ය දරණ, අදහස් පාලනය කරන පිරිස් සැලසුම් සහගතව මෙය ප‍්‍රතික්‍ෂේප කරනව. මේක සුලූ දෙයක් බවට පත් කරනව. උදාහරණයක් විදිහය පසුගිය කාලෙදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ මැදිහත් වීමෙන් අදහසක් ගෙනවා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න අවශ්‍යයි කියල. විශාල පිළිගැනීමක් මේකට ඇති වුණා. ඒකට විවේචනත් එල්ල වුණා. තවමත් සමාජ මාධ්‍යවල මෙක මගේ පුද්ගලික  ඕනෑකමක් වගේ දෙයක් බවට පත්කරල තියෙනව. ඇතැම්විට අහනව 6% ලැබුණද කියල.
පසුගිය දවස්වල මට ප‍්‍රශ්නයක් ඇති වුණා ඉන්ටර්නෙට් කාඞ් එකක් ගන්න කඬේකට ගියහම. සාමාන්‍යයෙන් රුපියල් 100ක් දීල රුපියල් 99 කාඞ් එකක් ගත්තහම ඉතිරි රුපියල දෙන්නෙ නැහැ. මම කාඞ් එකක් අරගෙන ඉතිරි රුපියල ඉල්ලූවා. ඒ ගොල්ල නෑ කියල දෙන්නෙ නැතුව හිටපුවම ප‍්‍රශ්නයක් ඇති වුණා. ඒ ප‍්‍රශ්නය නිසා කඩහිමිය මට පහර දුන්නා. මට පහර දුන්නහම පොලිසියට ගියා. ඔහුවත් පොලිසියට ගෙන්නුව. එය මාධ්‍යවලත් පළ වුණා. ඒ ගැන සාකච්ඡුාවක් ඇති වුණා. සමහර මාධ්‍ය මගෙන් ඇහුවෙ 6%ට ලැබුණද කියල? එයල කියන්න හදන්නෙ 6% ලැබෙනතුරු මට වෙන කිසිදෙයක් ගැන කතා කරන්න එපා කියලද? මම ඇති කරපු ප‍්‍රශ්නය මොකක්ද කියල හොයල බලන්නෙ නැතුව ඒක සිල්ලර දෙයක් බවට පත් කරල කතා කරන්න පටන් ගත්ත. ඒ වගේම තමයි අධ්‍යාපනය රාජ්‍ය වගකීමක් කියන එක දිහා බලන විදිහ.
‘‘රාජ්‍ය අධ්‍යාපනය කියන එක මුලූමනින්ම රාජ්‍ය වගකීමක් ලෙස ගතයුත්තේ ඇයි?’’ කියන එකට යම්කිසි පිළිතුරක් විසඳුමක් කරුණෙදි සාකච්ඡුාවට භාජනය කළ යුතු අංග තුනක් තියෙනව. ප‍්‍රධාන මාතෘකාව අධ්‍යාපනය, අනිත් එක රාජ්‍යය, අනිත් එක තමයි වෙළඳපොල. වෙළඳපොල කියන්නෙ වෙළඳපොල කියන යාන්ත‍්‍රණය. මේ කාරණා තුන තමයි අපි මූලික වශයෙන් සාකච්ඡුාවට භාජනය කළ යුත්තෙ.
අපි මේ පිළිබඳව ප‍්‍රශ්න කරන්න අවශ්‍යයි. අධ්‍යාපනය කියන්නේ කුමක්ද? නවීන අධ්‍යාපනය කුමක් සඳහාද? ඒ මගින් අපි අපේක්‍ෂාකරන දේවල් මොනවද? අපේ අපේක්‍ෂා ඉෂ්ට කරගැනීම සඳහා අධ්‍යාපනය මෙහෙයවන්නේ කෙසේද? අපි වෙළෙඳපොල පිළිබඳවත් ප‍්‍රශ්න කළ යුතුයි. වෙළඳපොල කියන්නෙ කුමක්ද? වෙළඳපොල සීමාවන් මොනවද?  මනුෂ්‍යයින්ගේ අවශ්‍යතා වෙළඳපොලකරණය කරනව කියල දෙයක් තියෙනව. ඒකෙන් අදහස් කරන්නෙ, මනුෂ්‍යයින්ගේ යම් යම් අවශ්‍යතා ඉෂ්ට කරගැනීමේ යාන්ත‍්‍රණය බවට වෙළෙඳපොල පත්කර ගැනීම. අපිට යම් යම් අවශ්‍යතා ඉෂ්ට කරගන්න නම් ක‍්‍රමයක් තියෙන්න  ඕනැ. ඒක පසුගිය අවුරුදු 200ක විතර දිහා බලපුවම පේනව ලෝකය පුරාම මනුෂ්‍යයින්ට තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගැනීමට තියෙන යාන්ත‍්‍රණය වෙළඳපොල බවට වැඩි වැඩියෙන් පත්වෙලා තියෙනව.
1980 දි විතර මම උසස්පෙල ඉගෙන ගන්නකොට ඉගෙන ගෙන තියෙනව ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ කියල. සාමාන්‍යයෙන් ආර්ථික භාණ්ඩ කියන්නෙ වෙළඳවටිනාකමක් තියෙන, වෙළඳපොල තුළ සංසරණය වන වෙළඳපොල හරහා ලබාගත හැකි භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ විදිහට හඳුන ගත්තෙ වාතය, ජලය වගේ දේවල්. අද මුදල් ගෙවල ජලය ලබාගන්න තත්ත්වයක් ඇතිවෙලා තියෙනව. වෙළඳපොලකරණය හරහා අපිට බීමට ජලය ලබාගැනීමට හැකි වී තිබෙනව. චීනයෙ හුස්ම ගැනීමට තිබෙන වාතය වෙළඳපොලේ් මිලදී ගැනීමට තියනව. අපේ මානුෂික අවශ්‍යතා වෙළෙඳපොල හරහා තමයි අපිට ලබාගන්න පුලූවන් වෙලා තියෙන්නෙ. වෙළඳපොලට පොලට යන්න නම් අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙන්න  ඕනෙ.
වෙළඳපොල කියන එක අනේපිඬු සිටානන්ගෙ කාලෙත් ඊට පෙරත් තිබිල තියෙනව. ජාතක කතාවල තියෙනව ගැල් 500 ක නැගිලා වෙලඳාමේ ගිය කතා පුවත්. ඒ වකාවානුවේ අපිට වෙළඳපොලෙන් ඉෂ්ට කරගන්න තිබුණ අවශ්‍යතා ප‍්‍රමාණය ඉතාම සීමිතයි. එදා වෙළඳපොලේ ක‍්‍රියාකාරිත්වය ඇනහිටියා කියල ලොකු ප‍්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ. නමුත් අද එහෙම නෙමෙයි. අද වෙළඳපොල ක‍්‍රියාකාරිත්වය ඇනහිටියොත් අපි විශාල ප‍්‍රශ්නයකට මුහුණපානව. දැනට ටික කාලෙකට පෙර සිංහල අවුරුදු පහුවුණාම පාන්ගෙඩියක්, අත්‍යාවශ්‍ය දෙයක් හොයාගන්න බැහැ. කඩ සේරම වහල. දැන්නම් සුපර්මාර්කට් නිසා ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනව. වෙළඳපොල ක‍්‍රමය අර්බූදයට ගියොත් මුලූ සමාජයම අර්බූදයකට යනව. අද වෙළඳපොල සමාජයේම කොටසක් බවට පත්වෙලා තියෙනව. අද වෙළඳපොලෙන් පිට හිතන්න බැරිවෙලා තියෙනව. පුද්ගලයෙකුට හොඳම දේ මොකක්ද කියලා තීරණය කරන්න හැකි හොඳම විනිශ්චයකාරයා තමයි වෙළඳපොල, කියන අදහස සමාජය තුළ පැතිරිලා තියෙනව.
මම හිතන්නෙ අපි මේ අද්‍යාපනය පිළිබඳ ප‍්‍රශ්නය මතුකරනකොට අපි මේ වෙළඳපොල සීමාවන් පිළිබඳ හිතන්න අවශ්‍යයි. වෙළඳපොල සක්‍යතාවන් පිළිබඳව සෑහෙන විවේචන ඉදිරිපත් කරල තියෙනව. වෙළඳපොලේ තියෙනව ස්වයං හැසිරවීමක්. ඒක කවුරුත් මෙහෙයවන්න අවශ්‍ය නැහැ. ඒකට රාජ්‍ය නිර්භාදවාදය කියල වචනක් කියනව. ප‍්‍රංශ විප්ලවයට පෙර හිටපු පාලකයෙක් ව්‍යාපාරික ප‍්‍රජාව කැඳවල ඇහුවලූ අපි ඔයගොල්ල වෙනුවෙන් මොනවද කරන්න අවශ්‍ය කියල. එතකොට වෙළෙඳ ප‍්‍රජාව දීල තියෙන උත්තරය තමයි මොකුත් කරන්න අවශ්‍ය නෑ කියන එක. එයින් තමයි රාජ්‍ය නිර්භාදවාදය කියන වචනය ඇති වුණේ. ඒකෙන් අදහස් කරන දේ තමයි. වෙළඳපොලේ දී ඉල්ලූම සැපයුම අනුව මිල තීරණය වෙලා වාසිදායක තත්ත්වයක් ඇති වෙනව.
රාජ්‍ය මුලින්ම කරන දේ තමයි පුද්ගලයන්ගේ ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීම. මේක ඉතාම සීමිත දෙයක්. ඉතිරි දේවල් සියල්ල වෙළඳපොල හා පුද්ගලයො බලා ගනියි. එහෙම අදහසක් පැවතුනා. මේ විශ්වාසය එක්දහස් නමසිය විසි ගණන්වලදි බිඳ වැටුණා. ඒ වකවානුවේ ඇති වෙච්ච ලෝක ආර්ථික අර්භූදය මගින් ලෝක ආර්ථික අර්භූදයක් ඇති වෙලා වෙළඳපොලේ තියෙන ස්වයං ක‍්‍රියාකාරී ස්වභාවය එහෙමත් නැත්නම් වෙළඳපොල පිළිබඳව තිබුණ මිත්‍යාකාරී ප‍්‍රබන්ධය බිඳවැටුණා. එවකට ප‍්‍රකට ආර්ථික විiාඥයො අදහසක් ගෙනාවා මේකට රාජ්‍ය මැදිහත් වියයුතුයි කියල. මිනිසුන්ගේ රැුකියා අහිමි වුණාම මිලදී ගැනීමේ ශක්තිය අඩුවෙනව. ඒ මිලදී ගැනීමේ ශක්තිය අඩුවුණාම ඒ ශක්තිය වැඩිකරන්න, ආර්ථිකයට ජවය සපයන්න රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය වෙනව. රාජ්‍ය අරමුදල් සපයල කටයුතු කරන්න සිද්ධවෙනව. වෙළඳපොලට අපේ අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා තිබෙනවා කියල නිර්මාණය කරල තියෙන මිත්‍යාව තේරුම්ගත යුතුයි.
වෙළඳපොල ස්වයංක‍්‍රියාරිත්වය පිළිබඳ ඒ අදහස මේවන විට බිඳවැටිල. ඇමරිකාවේ නිව් ඞීල් කියල ප‍්‍රතිපත්තියක් ඇති වුණා එක්දහස් නමසිය විසි ගණන් වලින් පස්සෙ රාජ්‍ය මැදිහත්වීම් ඇති වුණා. කෘෂිකර්මය වැනි දේවල්වලට සහනාධාර ඇති කෙරුව. නැත්නම් එවැනි දේවල්වලට වෙළඳපොලේ පවතින්න බැරුව යනව.
අiාපනය වෙළඳපොලකරණය ගැන කතා කරන අය මේ පිළිබඳව ඉතාමත් උද්දච්ච විදිහට ප‍්‍රතික්‍ෂේප කරනව ඒ පැත්ත ගැන බලන්නෙ නැතුව. නම් වශයෙන් කියනව නම් ආචාර්ය රෝහාන් සමරජීවල වගේ අය, මහාචාර්ය සුජාත ගමගේ වගේ අiාපනය පුද්ගලික කරණය කළයුතුයි කියන අය මේ පිළිබඳ ප‍්‍රශ්න අහපුවම උත්තර දෙන්නෙත් නැහැ.
ඇඩම් ස්මිත් ආර්ථික විiාඥයගෙ කාලෙ ඉඳල ආව දෙයක් තමයි ලිබරල් වාදී අදහස්. රාජ්‍ය කියන්නේ සීමිත දෙයක් කියන එක. දැන් ඒ අදහස අභියෝගයකට ලක්වෙලා. රාජ්‍ය කියන්නෙ මහජනතාවගේ පොදු අභිලාසයන් ප‍්‍රකාශයට පත්වෙන තැනක්. අපි වෙළඳපොලට යන්නෙ පුද්ලයන් විදිහට. භාණ්ඩ අලෙවි කරන්න යන්නෙත් පුද්ගලයන් විදිහට. අලෙවි කිරීමෙන් ලබන ලාභ මම පාවිච්චි කරන්නෙත් පුද්ගලයෙක් විදිහට. ඒකෙන් හම්කරන ධනයත් මගෙ අතේ රැුස්වෙන්නෙ පුද්ගලික ධණය විදිහට. සමාජය කියන්නෙ පොදු දෙයක්. සමාජය සාමූහික ක්‍ෂේත‍්‍රයක්. සමාජය කියන්නෙ එක එක පුද්ලයන් ගෙන් සෑදුන එකක්මත් නෙමෙයි. පුද්ගලින් අතර සිදුවෙන අන්තර් ක‍්‍රියාමගින් ඇතිවෙන වෙනම දෙයක්. පොදු බවක්.
මෙය එක්තරා විහිළුවකින් තේරුම් ගන්න පුළුවන්. ‘‘ඉස්සර කෝච්චිවල දැන්වීමක් ගහල තියෙනව, ‘මෙය ඔබ සතු වස්තුවකි. මෙය රැුක ගැනීම ඔබේ යුතුකමකි’ කියල. එතකොට කාටුන්වල තිබුණ මිනිස්සු මේවගෙ බල්බ් ගලවගෙන යනව, ෆෑන් ගලවගෙන යනව, ස්පොන්ච් කපාගෙන යනව. එතකොට ‘‘ඇයි එහෙම කරන්නෙ?’’ කියල ඇහුවම කියන්නෙ ‘‘ඇයි අර ගහල තියෙන්නෙ, මෙය ඔබ සතු වස්තුවකි කියල.’’ පොදු දේ කියල අදහස් කරන්නෙ ඒක නෙමේ කියල පේනව. මෙය ඔබේය කියල කියන්නෙ මට මේක පුද්ගලිකව අයිතියි කියන එක නෙමෙයි. පොදු බව කියන එක වෙනම ක්‍ෂේත‍්‍රයක්. පොදු බව ප‍්‍රකාශයට පත්වෙන අභිලාස තියෙනව. මට ගමන් යන්න අවශ්‍ය වුනාම මම බස්එකක යනව. මම සඳහාම බස් එකක් නැහැ. බස්එක තියෙන්නෙ පොදුවේ. මේව නොදැනීම නිසා අපි සමාජය පිළිබඳ විශාල මිත්‍යා ප‍්‍රබන්ධ සම්පාදනය කරනව. මේවා දැනගැනීම වැදගත්. මෙම පොදු ක්‍ෂේත‍්‍ර අවසාන වශයෙන් නියෝජනය කරන ආයතනය තමයි රාජ්‍ය කියල කියන්නෙ. රාජ්‍යයට සුවිෂේය බලයක් තියෙනව. ඒ බලය කොහෙන්ද රැුකිල තියෙන්නෙ. ඒ බලය එක එක කාලවල්වල එක එක විදිහට රැුකිල තියෙනව. ඉස්සර කාලවල්වල රජුගෙන් රැුකිල තියෙනව. දැන් ඒක ජනතාවගෙන් රැුකිල තියෙන්නෙ. ඒක රැුකිල තියෙන්නේ මොකටද? සමාජයේ පොදු අභිලාෂයන් ඉෂ්ට කරන්න.
මොකක්ද අධ්‍යාපනය කියන්නෙ? දැන් අධ්‍යාපනය කියල එක එක දේවල් කියනව. දෙමව්පියන්ගෙන් ඇහුවොත් ඇයි දරුවන්ට අධ්‍යාපනය ලබල දෙන්නෙ කියල එක එක දේවල් කියන්න පුලූවන්. සමාජයේ පහල ඉන්න අය කියන්න පුලූවන් සමාජයේ දැන් ඉන්න තැනින් ඉහලට එන්න කියල. කෙනෙක් කියන්න පුලූවන් හොඳ රස්සාවක් ගන්න කියල. අපිට කියන්න පුලූවන් එකිනෙකාට අනන්‍යදේවල්. පුද්ගලික වශයෙන් ප‍්‍රයෝජනයක් තියෙන දෙවල්. ඒ නිසා දරුවන්ගෙ අධ්‍යාපනය සඳහා දෙමව්පියන්ගේ උනන්දුවක් තියෙනව. සමාජයේ උනන්දුවක් තියෙනව. ඒ තියෙන උනන්දුව අතිශයින්ම පුද්ගලිකයි. එය පුද්ගල කේන්ද්‍රීය දෙයක්. මම කියන්නෙ නෑ ඒක නරක දෙයක් කියල. අපි බලමු අධ්‍යාපනය කියන්නෙ ඒක විතරද? අධ්‍යාපනය කියන්නේ මට රැුකියාවක් සඳහා සුදුසුකම් ලබාදෙන යාන්ත‍්‍රණයක් ද? නැත්නම් සමාජ ¥රාවලියෙ මම පහළ තැනක නම් ඉන්නේ, ඉහළට ඒමට සපුරා ගැනීමට සෙසු සුදුසුකම් නැත්නම් සමාජයේ ඉහළට නගින්න තියෙන ඉණිමගක් පමණක්ද? කියල අපිට අහන්න පුලූවන්. ඊට අමතර දෙයක් අධ්‍යාපනයේ නැද්ද?
අපි ජීවත්වන ලෝකය ශ‍්‍රමවිභජනයට ලක් වූ ලෝකයක්. විශාල වශයෙන් ශ‍්‍රමය බෙදිල බෙදිල ගිහිල්ල. ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර තමන්ට  ඕන හැමදේම තමන් කරගන්නව. සමහර නිෂ්පාදන කුල ක‍්‍රමය පදනම් කරගෙන නිපදවනව. එක් එක් කුලවල අය විසින් එක් එක් නිෂ්පාදන කරනව. අද එහෙම නෑ. ෂර්ට් එකක් ගත්තොත්, ඒක තනියම කරන්න කවුරුත් දන්නෙ නෑ. බොත්තම අල්ලන්න එක්නෙකයි, බොත්තම් කාසය මහන්න එක්කෙනයි, කොලර් එක මහන්න එක්කෙනයි. ෂර්ට් එක පැකට් කරන්න එක්කෙනයි. මේ ආකාරයෙන් ශ‍්‍රම විභජනය ඉතාමත් සංකීර්ණයි. මෝටර් රථයක් ගත්තොත් රථයේ කෑලි හදන්නේ ලෝකේ එක එක තැන්වල. මේ ක‍්‍රියාවලියේ දී පුහුණු ශ‍්‍රමිකයන් අවශ්‍යයි. ඉස්සර එහෙම නෙමෙයි. කම්මලක නම් කම්කල්කරුවා යටතේ ඔවුන්ගේ දරුවන් පුහුණු වෙනව.  නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළම ආදුනිකයෙන් පුහුණු කිරීම තියෙනව. දැන් එහෙම බෑ. ඒ ක‍්‍රියාවලිය බෙදිල ගිහින් තියෙනව. එය ඉගෙන ගැනීමට විධිමත් අධ්‍යාපන ක‍්‍රමයක් අවශ්‍යයි. මම අහන්නේ අධ්‍යාපනය එතනින් අවසන්ද? මම යෝජනා කරන්නේ එහෙම නෑ කියල. අධ්‍යාපනයේ ඊට වඩා පොදු දෙයක් තියෙනව. අධ්‍යාපනය කියන දෙය පොදු බවට අයිතියි. මම මුලින් පොදු බව යන්න විග‍්‍රහ කෙරුවෙ ඒ නිසයි.
අපිට නවින සමාජයේ ජීවත්වෙන්න යම් යම් හැකියාවන් තියෙන්න  ඕනෙ. ඒක රැුකියාවක් කිරීම සඳහාම වූ නිපුනතාවයම නෙමෙයි. අපි ගත්තොත් වාහනයක් එලවන්න එය පැදවීමේ දැනුම හා මාර්ග සංඥා දැනගත්තහම පුලූවන්. නමුත් අද ගැටළුවක් වෙලා තියෙනව, අද වාහන එලවන අය දන්නෙ ඒ ටික විතරයි. ඒ ඇර ඒගොල්ලො දන්නෙ නෑ තව අය මේ මාර්ගය පාවිච්චි කරනව කියල. මාර්ගය අනෙක් අයට ගැටලූවක් නොවී පාවිච්චි කරන්න ශික්‍ෂණයක් අවශයයි. මේක කොහෙන්ද ලැබෙන්නෙ? මේක ලැබෙන්නේ ආචාරධර්ම තුළින්. මම මේ උදාහරණය ගත්තේ අපි මේ දේ ඉගෙන ගත යුත්තේ කොහෙන්ද කියන ප‍්‍රශ්නය මතුකරන්නයි.
අද තියෙන ගැටළුවක් තමයි අපිට පුද්ගලයින් එකිනෙකා මුණගැහෙන ක්‍ෂේත‍්‍ර විශාලයි. මීට අවුරුදු තුන්හාරසියයකට ප‍්‍රථම සමාජය මීට වඩා කුඩා එකක්. නගරයක ඉන්නේ සීමිත පිරිසක්. තමන් ඉන්න ගංගොඩෙන් පිටතට නොගිය පිිරිස  ඕන තරම් ඉඳල තියෙනව. ප‍්‍රංශය ගැන කතාවක් තියෙනව එක්දහස් අටසිය ගණන්වල ප‍්‍රංශයේ පිටිසර ජනතාවට අදහසක් තිබිල නෑ තමන් ඉන්නෙ ප‍්‍රංශයෙ කියල. දැන් සමාජයඑහෙම නෙමයි. වේගය කියන එක වැඩිවීම නිසා වෙනස් වුණා. අපේ ශිෂ්ටාචාරය පවතින්නේ වේගය මත. අපිට පුලූවන් වේගයෙන් එක තැනකින් තවත් තැනකට යන්න. මේ නිසා අපිට අභිමුඛවීම් වැඩියි. අපිට හැම තිස්සෙම තවකෙනෙක් මුණ ගැහෙනව. අපි හැමෝටම කැපවීමක් අවශ්‍යයි මේ සමාජය පවත්වාගෙන යාමට.
මේ සමාජීය ක්‍ෂේත‍්‍රය සඳහා පුද්ගලයින් පුහුණු කරන සමාජ තමයි අධ්‍යාපනය කියන්නෙ. සමහරු තර්ක කෙරුව මේ පුහුණුව වෙන්නෙ ආගමෙන් කියල. අද අපිට ඔප්පු කරල තයෙනව මේක ආගමෙන් වෙන්නෙ නෑ කියල. පසුගිය වකවානුවේ ප‍්‍රබල ආගමික ප‍්‍රබෝධයක් තිබුණ. මේ ආගමික ප‍්‍රබෝදයෙන් වුනේ සමාජය යහපත් වීම නෙමෙයි සමාජය අයහපත් වීම.
මම දැක්ක ත‍්‍රිපිටකය සෙල්ලිපි වලට දානව කියල දෙව්රම් වෙහෙර කියල තැනක. මේක මොනතරම් බොරුවැඩක් ද? අපි බාවිතා කරපු පැරණිම ක‍්‍රමයක් මේ තරම් තාක්‍ෂණය දියුණු කාලේ ආපහු පාවිච්චි කරනව. කිසිම තේරුමක් නැතිව පරිසරයට විශාල හානියක් සිද්ධ කරනව. මාලඹේ පැත්තෙ ආගමික මධ්‍යස්ථානයක් කියල කොන්ක‍්‍රිට් කඳු ගහනව. හොයල බලන්න මේව කරන්නෙ කවුද? මේවට සල්ලි දෙන්නෙ කවුද? හොයල බලන්න සමාජය යහපත් වෙලාද කියල. මේවට සල්ලි එන්නෙ සමාජයේ අයහපත් අන්දමින් ව්‍යාපාර කරන අයගෙන්. මේකත් එක්තරා විදිහක මනි ලොන්ඩරින් එකක්. ආගමෙන් සමාජය ශික්‍ෂණය කරනවට වැඩිය ඒකෙ අනික් පැත්ත ඒකෙන් සිද්ධවෙලා තියෙනව. මේ අනුව අපිට ඉතිරිවෙලා තියෙන්නෙ අධ්‍යාපනය පමණයි සමාජයේ මේ පොදුබව පවත්වාගෙන යාම සඳහා.
වෙළඳපොලට තියෙන හැකියාව මොකක්ද මේ පොදු බව සඳහා ඇති අධ්‍යාපනය රැුකගැනීම සඳහා? මේක වෙළඳපොලට කරන්න පුලූවන් කමක් නැහැ. වෙළඳපොලට පුලූවන් ඉල්ලූමක් තියෙන දෙයක් සපයන්න පමණයි. දෙමාපියන් ගිහින් කියනවද අපේ දරුවො හොඳ පුරවැසියෙක් කරන්න හදන්න කියල. නෑ. ටියුෂන් පන්තියට ගිහින් කියනවද අපේ ළමයින්ව තර`ගකාරී නැතුව හොඳ පුරවැසියන් කරන්න උගන්වන්න කියල. නැත්නම් මොනවහරි කරල ‘ඒ’ එකක් රන්දෙන් කියලද කියන්නෙ? වෙළඳපොල දන්න එකම භාෂාව තමයි ඉල්ලූම සහ සැපයුම. මොනම තත්ත්වයක් නිසාවත් මේ පොදුබව කියන එකට ඉල්ලූමක් නිර්මාණය වෙන්නේ නැහැ. අධ්‍යාපනය තුළ තියෙන පොදු බව කියන ලක්‍ෂණය වෙළඳපොලකරණය කරන්න බැහැ. එහෙනම් මොකක්ද තියෙන විකල්පය. විකල්පය තමයි මේක පවත්වාගෙන යන්න නම්, මහජනයා සඳහා පොදු බව තියෙන ආයතනයකට තමයි ඒක කරන්න පුලූවන්. ඒක එහි පැවැත්ම විසින්ම පෙන්නල තියෙනව. රාජ්‍ය තියෙන්නේ පුද්ගලයන් සඳහා නෙමෙයි සමාජය සඳහා. පොදුබව වෙනුවෙන්. එතකොට අධ්‍යාපනය තියෙන්නෙත් පොදු බව වෙනුවෙන්. ඒ නිසා පොදු ක්‍ෂේත‍්‍රයට අයත් දේවල් පවත්වාගෙන යාමේ හැකියාව තියෙන්නේ රාජ්‍යයට. ඒක අධ්‍යාපනයට විතරක් නෙමෙයි, සෞඛ්‍ය, ප‍්‍රවාහනය වැනි  අනෙක් ක්‍ෂේත‍්‍රයන්ටද අදාලයි. මේ නිසා තමයි අපි කියන්නේ ‘අධ්‍යාපනය කියන ඒක රාජ්‍ය වගකීමක්’ කියල.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *