මැරෙන තෙක් උපවාසයක් අරඹන්න සිපෙට්කෝ විරෝධතාකරුවන් කිසිවෙක් නෑ

 

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සංගම් විසින් මේ වන විට ආරම්භ කර ඇති සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා පරිවර්තනය කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම වෘත්තීය සංගම් අතර මේ වන විට සංවාදයක් ඇති වි තිබේ.

මාරාන්තික උපවාසයකට මේ මොහොතේ තීරණය කිරීම ඉතා අවදානම් සහගත බව ඔවුන් අතර සාකච්චා වී ඇත.

එනිසා එවන් තීරණයක් ගන්නේ නම් මාරාන්තික උපවාසය ආරම්භ කරන පුද්ගලයා පෞද්ගලිකව එහි වගකීම ගත යුතු තත්ත්වයක් ඇතිව තිබෙන බවද ඔවුන්ගේ අදහස වී ඇත.

ඒ අනුව මාරාන්තික උපවාසය ආරම්භ කිරීම සඳහා නිශ්චිත පුද්ගලයෙකු මේ වන තෙක් එම වෘත්තිය සංගම් එකමුතු විසින් හඳුනාගෙන නැත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලීකරණය එරෙහිව මේ වන විට එම සත්‍යග‍්‍රහය පැවැත්වෙන්නේ තෙල් සංස්ථාව වෘත්තිය සමිති ගණනාවක ඒකාබද්ධ වීමෙනි.

වෘත්තිය ක්‍රියාමාර්ගය එලෙස පැවතෙද්දී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඊයේ දිනයේ නිවේදනය කළේ තෙල් සංස්ථාවේ පිරවුම්හල් 450 පෞද්ගලික අංශයට ලබා දීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි. එමෙන්ම විදෙස් තෙල් සමාගම් තුනකටද මෙරට ඉන්ධන වෙලදපලට පිවිසීමට අනුමැතිය දුන් බවද ඇමතිවරයා පැවසීය.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *