විදේශ සමාගම් 3කට ලංකාවට තෙල් ගේන්න අවසර

 

ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සහ බෙදා හැරීම ඇතුළු මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා තවත් ජාත්‍යන්තර  සමාගම් තුනකට අනුමැතිය දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ චීනයේ සිනොපෙක් ,ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ඇමෙරිකාවේ ආර් එම් පාක් යන සමාගම් තුනටයි.

මෙම සමාගම් තුනට අවසර දී ඇත්තේ දැනට මෙරට ක්‍රියාත්මක ඉන්දියානු අයි ඕ සී සමාගමට අමතර වශයෙනි.

මෙම සමාගම් 3 සඳහා දැනට ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 450 සහ එම සමාගම් තුන තෝරාගත් නව ස්ථානවල නව ඉන්ධන පිරවුම්හල 50 ක් ද ස්ථාපිත කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කියයි.

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වීමට බලපත්‍ර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *