ජෝසෆ් ස්ටාලින් අයි එම් එෆ් යන්න බෑ කියයි !

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත ක්‍රියාත්මක කොට ඇති රජයේ නව බදු ක්‍රමය සම්බන්ධයෙන් එයට විරුද්ධ සංවිධාන සමග  මුල්‍ය අරමුදල සිකුරාදා කැඳවා තිබු සාකච්ඡාවට තමන් සාභාගී නොවන බව ලංකා ගුරු සංගමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා එම සංවිධානයට දැනුම් දුන් බව වාර් තා වෙයි.

මෙම ප්‍රශ්න ගැන ක්‍රියා කිරීමට මුල්‍ය අරමුදලට ජනවරමක් නැති බවත්, ජනවරම ඇත්තේ ආණ්ඩුවට බවත්, එබැවින් තමන් ආණ්ඩුව සමග මිස මුල්‍ය අරමුදල සමග සාකච්ඡා නොකරන බවත් ජෝසෆ් ස්ටාලින් මහතා දන්වා ඇත.

සූම් තාක්ෂනය ඔස්සේ සිකුරාදා පැවති සාකච්ඡාවට වෘත්තියවේදී සංවිධාන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහභාගී වී ඇත.

මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ ජාත්යන්තර මුල්‍ය අරමුදල විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *