චම්පිකට ලොකු තනතුරක් ; යෝජනා ස්ථිරත්වය ආණ්ඩුවෙන්

 

ක්‍රම හා විධි විශේෂ කාරක සභාවේ සභාපති ලෙස ආණ්ඩු පක්ෂයේ යෝජනා ස්ථිරත්වයෙන් පාඨලි චම්පික රණවක මහතා පත් කෙරේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා යෝජනා කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා එය ස්ථිර කරන ලදී. මෙම කමිටුව අද (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී පාඨලී චම්පික රණවක මහතා අදාල තනතුර සඳහා පත්කර ගැනීම සිදුවිය.

ක්‍රම හා විධි විශේෂ කාරක සභාව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකු නොවන සාමාජික මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙය රටේ ආර්ථික ස්ථායි බව ශක්තිමත් කිරීමේදී රජයට අමතර ආදායම් රැස්කිරීම සඳහාත්, ගත යුතු ක්‍රියා මාර්ග නිර්දේශ කිරීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබේ.

ඒ අනුව රජය වෙනුවෙන් බදුකරණය, තීරූ ගාස්තු හා අනෙකුත් ආදායම් වර්ධනය කිරීම සම්බන්ධ සියලුම කරුණු පරික්ෂා කර බැලීමටත්, අවශ්‍ය  පරිදි හා අවශ්‍ය අවස්ථාවන්හිදී බදු හා තීරූ ගාස්තු පිළිබඳව පවත්නා ප්‍රතිපත්තිවලට වෙනස්කම් යෝජනා කිරීමටත් මෙම කාරක සභාවට බලය ඇත.

සෑම මාස තුනකටම වරක්ම  ක්‍රම හා විධි විශේෂ කාරක සභාව විසින් සොයාගනු ලබන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එම වාර්තාවට ප්‍රතිකාර්ය ක්‍රියාමාර්ග අවශ්‍ය කරන කරුණු පිළිබඳව ස්වකීය නිරීක්ෂණ සහ යම් නිර්දේශකයක් තිබේ නම් එම නිර්දේශ ද ඇතුළත් විය යුතුය.

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *