යුරියා රුපියල් 7000කින් අඩු කරන්න සමාගම් එකඟ වෙයි ; නව මිල 11,500 යි

 

 

දැනට රුපියල් 18,500 කට අළෙවි කරන යු රියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 7000කින්  අඩු කිරීමට ප්‍රමුඛ පොහොර සමාගම් අද  (23) එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පොහොර මිටියක නව මිල රුපියල් 11,500 කි.

කෘෂිකර්ම අමාත්‍යංශය ගොවීන්ට යුරියා ලබාදෙන්නේ රුපියල් 10,000 ක සහන මිලකට ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පොහොර ආනයන සමාගම් පැවැත්වූ සාකච්ඡාවකදී ඔවුන්ගේ මිල ද අඩු කිරීමේ  එකඟතාවයට එළඹ ඇත.

රුපියල ශක්තිමත්වීම මෙන්ම දැනට රජය  රුපියල් 10,000ක මුදලකට යුරියා ගොවි ජනතාවට සපයන බැවින් පෞද්ගලික  සමාගම් විසින් අලෙවි කරන පොහොර මිල ද අවම කරන ලෙස අමාත්‍යවරයා එම නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *