මැතිවරණ කොමිසම අවුලක ; තැපැල් ඡන්දය කල් දමයි

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර අද පැවති සාකච්ඡාව හිශ්චිත තීන්දුවකින් තොරව අවසන් වී ඇත. එහි දී දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ එකිනෙකට වෙනස් මත සාරාංශ කොට මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කොට තිබේ.
අප්‍රේල් 25 දා ඡන්ද විමසීම පැවැත්වීමට හෝ කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණයක් ගෙන නැත.
 කෙසේ වෙතත් පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මාර්තු 28, 29, 30, 31 සහ අප්‍රේල් 03වැනිදා තැපැල් ඡන්ද සළකුණු කිරීම සිදු නොකෙරෙන බව  මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව ඡන්ද විමසීම් දිනය සම්බන්ධයෙන් ඉදිරි කාලයේ තීරණයක් ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ  දැක්වේ.
මේ සම්බන්ධව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *