මේ තිත්ත බෙහෙත නොබිව්වොත් මීට වඩා තිත්ත බෙහෙත් බොන්න වේවි – මහ බැංකුවේ හිටපු නියෝජය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ ඉතාමත් තිත්ත බෙහෙතක් බවත්, එසේ වුවත් ඒ බෙහෙත ඉදිරි වසර හතරේ දී ගතහොත් ශ්‍රී ලංකාවට අරබුදයෙන් ගොඩ යා හැකි බවත්, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර් ය  ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එමෙන් ම මෙම බෙහෙත නොබිව්වොත් අප‍ට අනාගතයේ මීට වඩා තිත්ත බෙහෙට් බොන්නට සිදුවනු ඇති බව ද ඒ මහතා කියයි.

එමහට වැඩි දුරටත් කියන්නේ ආර්ථිකයේ සියලු අංශවල ප්‍රතිසංස්කරණ මුල්‍ය අරමුදලේ යෝජනා තුළ අඩංගු වන බව යි.

ඒ අනුව දුෂණ විරෝධී නව නීතිය සහ මහ බැංකු පනත අප්‍රේල් මාසයේ සම්මත කරගත යුතු ය. දුෂණ පිටුදැකීම ඒ අනුව සිදු කළ යුතු ය.

නව මහ බැංකු පනත මගින් මුදල් අච්චු ගැසීමේ අවස්ථා අහුරා ඇත. කෙටුම්පත් කොට ඇති නීතියේ ඇති දුරවලතා කාරක සභා අවස්ථාවේ විවාදයේ දී මගහරවා ගත යුතුව ඇත.

වත්මන් බදු අඩු කිරීමේ හැකියාවක් නැත. රජයේ ආදායම් තවත් වැඩි කරගත යුතු ය.

දේශපාලඥයින්ගේ බලය මෙමගින් අඩු වෙයි. මෙයට සහය දෙන දේශපාලඥයින් ද මෙම කරුණු තවම තේරුම් ගෙන නැත.

ශ්‍රී ලංකා බිස්නස් ටීවී සමග සාකච්ඡාවකට එක වෙමින් ආචාර් ය  විජේවර්ධන මහතා මේ අදහස් පළ කළේය.

එම සාකච්ඡාව පහතින් ….

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *