ගමනේ දිශාව හොදයි , ඉවසිල්ලෙන් ඉමු ! – ලංකා බැංකුවේ හිටපු සභාපති රුසිරිපාල තෙන්නකෝන්

ගමන හොඳ දිහාකට යන නිසා අපිට ඉවසිල්ලෙන් ඉන්න සිද්ධ වෙලා තියෙනව. ඒක නිසා ජනතාව තවමත් මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමා කෙරේ විශ්වාසයත්, බලාපොරොත්තුවත් තබාගෙන ඉන්නව.

ජනතාව වත්මන් ජනාධිපති හා ආණ්ඩුව බලයට පත් කරගන්නෙ විශාල බලාපොරොත්තු ඇතිව. වර්තමාන රජය බලයට ඇවිත් වර්ෂ දෙකක් පූර්ණ වෙන්න තව මාස දෙකක් වැනි කාලයක් තියෙන්නෙ. ගෙවී ගිය දෙවසරකට ආසන්න කාලය තුළ ජනතාව විසින් පත්කරගන්නා ලද ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත් ජනතා බලාපොරොත්තු ඉෂ්ට කෙරුව කියල සෑහීමකට පත්වෙන්න පුලූවන්ද?
ජනතාවට පොරොන්දු දීලා, ආණ්ඩුවකට හෝ ජනාධිපතිවරයකුට බලයට පත්වීමේ අවස්ථාවක් නිර්මාණය වෙලා තිබුණ. හේතුව බලාපොරොත්තු සුන් වෙච්ච ජනතාවක් සිටිය නිසා. දීපු පොරොන්දු මත ජනතාව විශ්වාසය තියලා රජයක් බලයට පත්කෙරුව. නමුත් ගතවෙච්ච කාලය දිහා ආපහු හැරිල බලනකොට බලාපොරොත්තු ඉෂ්ට වුන බවක් නම් පේන්නෙ නෑ. ඒවා ඉෂ්ට කිරීම සඳහා අරමුණක් ඇති ගමණක් යන බවක්වත් එතරම් පැහැදිලිව පෙනී යන්නෙ නෑ.
මේ දිනවල ජනතාව කතා කරන්නෙ අයවැය ගැන. මේ අයවැය සංවර්ධනය ඉලක්ක කරගෙන සැලසුම් කරන ලද අයවැයක් ද? නැත්නම් ජනතාවට සහන දෙන, ජනතාවගේ දෛනික අවශ්‍යතා පහසු කරන ජනතාහිතවාදී අයවැයක්ද?
අයවැයක් රටක සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයක් විය යුතුයි.  ඒක තමයි අය වැයක සංකල්පය. මොකද ඉදිරි වර්ෂය සඳහා කරන වියදම්වලට ආදායම් සොයැගැනීමත්, ඒ වියදම් ජනතා සහන පිණිස හා රටේ ඉදිරිගමනට ප‍්‍රයෝජනවත් වනවාද කියන එක තමයි අයවැයක සාරාංශයක් හැටියට ගැබ්වෙලා තියෙන්නෙ.
මේ අයවැය ගත්තම පැහැදිලිව පෙනී යන කාරණා කිහිපයක් තියෙනව. බොහොම කෙටිකාලීන චින්තනයක් සහිතව ඉදිරිපත්කරන ලද අයවැයක් බවයි මගේ පුද්ගලික හැ`ගීම. හේතුව දීඝ_ කාලීනව ක‍්‍රියාත්මක කිරීම තුළින් ජනතාවට ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳ විග‍්‍රත්මකව කරුණු දක්වන්න මේ අයවැය අසමත් වෙලා තියෙනව. මේ අයවැය රචනා ස්වරයෙන් කරපු වචන ගොඩකට සීමා වෙලා තියෙනව. ඒ වචන විග‍්‍රහ කරගෙන යන කොට ඒවායේ අවසාන ප‍්‍රතිඵලය මේ විදිහට වෙයි කියලා නිශ්චය කරගන්න පුලූවන් තත්ත්වයක් බැලූබැල්මට නැහැ. ඒ නිසා මේ අයවැය මතුපිටින් කරන රැුවටිලි ස්වභාවයක් හැටියට තමයි මට නම් පෙනීයන්නෙ.
එක්සත් ජාතික පක්‍ෂයේ වත්මන් නායක, වත්මන් අගමැති දේශපාලන ක්‍ෂේත‍්‍රයේ දී හැඳින්වූයේ වයිට් මෑන්, නැත්නම් ක්ලීන් මෑන් කියල. බැඳුම් කරසිද්ධියෙන් එතුමා ගොඩනගා ගෙන තිබූ ඒ කීර්ති නාමය පලූදු කරගත්තද? බැඳුම් කර සිද්ධියේ සත්‍ය ස්වභාවය කුමක් ද?
මේ රටේ බහුතර ජනතාවක් අදටත් අගමැති තුමාගේ ඒ නිර්මල ප‍්‍රතිරූපය ඒ විදිහටම තියෙනව කියල විශ්වාස කරන්න කැමැත්තෙන් ඉන්නව. ඒක හොඳ දෙයක් ඒක එතුමාගේ ක‍්‍රියාකලාපය තුළින් හා විශේෂයෙන් මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය තුළින් එක්තරා දුරකට ඒ විශ්වාසය සසලවුණා කියන එකයි මගේ විශ්වාසය. ඒක එසේ නොවිය යුතුව තිබුණ. දෙපැත්තකින් අපිට ඒ දිහා බලන්න පුලූවන්. සැලසුම් කරන ලද චෝදනාවකට එතුමා දායක වුනාද කියන චෝදනාව එක පැත්තකින් තියන්න පුලූවන්. එතුමා එතරම් බැ?රුම්කමක් නැතුව තමුන්ගේ හිතවතෙකුව, මිතුරෙකුව ආරක්‍ෂා කරගන්න ගිහිල්ල සිදුකරගත්ත දෙයක් කියලත් අපිට හිතන්න පුලූවන්. මේ දෙකෙන් මොකක් වුනත් එතුමාගේ ප‍්‍රතිරූපයට ඒකෙන් හානියක් වෙලා තියෙනව. ඒක ඉතාම පැහැදිලියි.
එහෙම වැරැුද්දක් වෙලා තියෙනවනම් එය නිවැරැුදි කරගැනීමේ අවස්ථාවක් තවම තියෙනවද? නැත්නම් එය නිවැරදි කරගැනීමේ මායිම දැන් පසුකරලද?
මම හිතනව තාමත් ප‍්‍රමාද නැහැ කියල. සෑම දේකටම අපිට සීමා මාඉම් ලකුණු කරන්න බැහැ මේ දේ මෙතනදි කරන්න තිබුණ කියල. සමාජයේදී අපිට කළයුතුව තිබූ දේවල් ඒ අවස්ථාවේදීම කරන්න බැරිවුණාට පසුව කෙරුවත් එය සමාජ ගත වෙනව. නිවැරැුදි තීන්දුව අවසානයේ දී හෝ ගත්ත කියල. දැන් වුණත් එතුමාට හොඳටම පුලූවන්කම තියෙනව මේ කාරණාවේදී ඇති වෙච්ච ඒ කැලල මකා ගන්න කටයුතු කරන්න. ඒක එහෙම වුණොත් අපි සියලූ දෙනාටම ඒක ඉතා හොඳ ආරංචියක් වෙනව.
යහපාලන රජයක් ගෙන ඒමට කටයුතු කළ හා යහපාලන රජයට පක්‍ෂව සිටින අපි කවුරුත් අද අමාරුවෙ වැටිල ඉන්නව මේ තත්ත්වය මත. රජයේ නිර්මල භාවය ගැන කතා කිරීමේ අපහසුතාවයක් ඇති වෙලා තියෙනව මෙවැනි සිද්ධීන් නිසා. දැන් වුණත් එතුමා ක‍්‍රියාකාරීවෙලා. ‘‘මෙහෙම දෙයක් සිද්ධවෙලා තියෙනව. ඉදිරියට එහෙම දේවල් සිද්ධ නොවෙන්නට මේ දේවල් අපි නිවැරැුදි කරන්න උත්තහ ගන්නව’’ කියන දේ ප‍්‍රකාශ කරනව නම් එය සුභවාදී පියවරක් වෙයි. එකට ප‍්‍රකාශයක්වත් තවමත් ලැබෙන්නෙ නෑ. තවමත් සිද්ධවෙන්නෙ ඒ ක‍්‍රියාව එහෙම සිදුවුනේ නෑ කියන තත්ත්වය සමාජ ගතකරන්නයි උත්සාහ ගැනීමකුයි. කෝප් වාර්තා සිද්ධියෙන් අපිට පැහැදිලියි ඒක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරු කවදාවත් එතුමාගේ අනුග‍්‍රහයක් හෝ මග පෙන්වීමක් නැත්නම්, කෝප් කමිටුව තුළ ඔය ආකාරයෙන් හැසිරෙන්න බෑ කියන එක. එය සමාජය පිළිගත්ත කාරණයක්. එතනත් ඒ අඩුපාඩුව තියෙනව.
අනිත් කරුණ, ශ‍්‍රී ලංකා මහ බැංකුවෙ අධිපතිව ජනාධිපතිතුමා විසින් තව දුරටත් දීර්ඝ නොකර වෙනත් කෙනෙක් එම තනතුරට පත් කිරීම තුළම අගමැතිතුමාට හරි පියවරක් ගන්න අවස්ථාවක් උදා වුණා. එතෙන්දිත් වරදක් සිද්ධ වුණා. එතනින් ඉවත්කරපු තැනැත්තාව එතුමාගේ උපදේශකවරයෙක් හැටියට පත්කරගන්න ගියාම එය රජයටම එල්ල කරපු අභියෝගයක් හැටියට අපි දකිනව. මේ රජයට ගොනු වෙලා ඉන්න මිනිස්සු ලොකු අපහසුතාවයකට පත් වෙනව එබඳු අවස්ථා නිසා.
ජනතාව වත්මන් ජනාධිපති හා ආණ්ඩුව බලයට පත් කරගන්නෙ විශාල බලාපොරොත්තු ඇතිව. වර්තමාන රජය බලයට ඇවිත් වර්ෂ දෙකක් පූර්ණ වෙන්න තව මාස දෙකක් වැනි කාලයක් තියෙන්නෙ. ගෙවී ගිය දෙවසරකට ආසන්න කාලය තුළ ජනතාව විසින් පත්කරගන්නා ලද ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත් ජනතා බලාපොරොත්තු ඉෂ්ට කෙරුව කියල සෑහීමකට පත්වෙන්න පුලූවන්ද?
ජනතාවට පොරොන්දු දීලා, ආණ්ඩුවකට හෝ ජනාධිපතිවරයකුට බලයට පත්වීමේ අවස්ථාවක් නිර්මාණය වෙලා තිබුණ. හේතුව බලාපොරොත්තු සුන් වෙච්ච ජනතාවක් සිටිය නිසා. දීපු පොරොන්දු මත ජනතාව විශ්වාසය තියලා රජයක් බලයට පත්කෙරුව. නමුත් ගතවෙච්ච කාලය දිහා ආපහු හැරිල බලනකොට බලාපොරොත්තු ඉෂ්ට වුන බවක් නම් පේන්නෙ නෑ. ඒවා ඉෂ්ට කිරීම සඳහා අරමුණක් ඇති ගමණක් යන බවක්වත් එතරම් පැහැදිලිව පෙනී යන්නෙ නෑ.
වත්මන් ජනාධිපතිතුමා බලයට පත්වෙනකොට ඉතාම ජනප‍්‍රිය චරිතයක්, ජාති ආගම් කුල භේදයක් නැතිව රටේ සමස්ථ ජනතාවම එතුමා වටේ පෙළගැසුණ. ඒ වන විට හිටපු ජනාධිපතිතුමාට තිබුණෙ ඊට විරුද්ධ පැත්ත. මුළුරටම එතුමා ප‍්‍රතික්‍ෂේප කරන තත්ත්වයකුයි තිබුණෙ. ජනාධිපති බලතලත්, ආණ්ඩුබලයත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා වශයෙන් පක්‍ෂයේ ඡුන්දත්, අධික ලෙස මුදල් වියදම් කර ලබාගත්ත ඡුන්දත් මිසක් එතුමාගේ පුද්ගලික ජනප‍්‍රිය තාවයට එතරම් ඉල්ලූමක් නොතිබුණ තරම්. යුද ජයග‍්‍රහණය මත ජාතිවාදීන්ගේ ඉල්ලූමක් එතුමා කෙරේ තිබුණ. එහෙත් පොදු ජනතාව පෙළ ගැසුනේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා වටායි.
මගේ ප‍්‍රශ්නය මේකයි. අද, ජනාධිපතිවරණයෙන් වසර දෙකකට පසුව, මේ දෙදෙනා අතර ජනාධිපතිවරණ තර`ගයක් පැවැත්වුවහොත් කවුරු බලයට පත්වෙයිද? කවුරු වැඩි ජනප‍්‍රියතාවයක් හිමිකර ගනීද?
මගේ පුද්ගලික මතය නම්, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අභියෝගයක් එල්ල කරන්න මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙ ජනප‍්‍රියතාවයට පුලූවන් කියල හිතන්න අමාරුයි.
ඒ කියන්නෙ වත්මන් ජනාධිපතිතුමා ජනප‍්‍රියත්වය එලෙසම රඳවාගෙන ඉන්නව කියන එකද?
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අද සිද්ධ වෙලා තියෙන්නෙ උදාහරණයකින් කියනව නම්, අලියගෙ වලිගෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන අයගෙන් එක්කෙනෙක් අතහැරියොත් ඔක්කොම බිමට වැටෙනව වගේ තත්ත්වයක්. එක එක්කෙනාට බැන බැන හරි අර ගමන යන්න සිද්ධවෙලා තියෙනව. ගමන හොඳ දිහාකට යන නිසා අපිට ඉවසිල්ලෙන් ඉන්න සිද්ධ වෙලා තියෙනව. ඒක නිසා ජනතාව තවමත් මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමා කෙරේ විශ්වාසයත්, බලාපොරොත්තුවත් තබාගෙන ඉන්නව.
මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමේ අභියෝගයක් තියෙනව තව සුළු කාලයකදී පාලන බලය අතට ගන්නව කියල. එවැනි දෙයකට ව්‍යවස්ථාමය ඉඩකඩක් හෝ සමාජමය පසුබිමක් තියෙනවද?
ඒ තත්ත්වය පිළිගන්න ඉතාම අමාරුයි. මේ රටේ මහින්ද රාජපක්‍ෂ පාලනය තුළ එතුමාගේ දේශපාලන දැක්මෙන් ඈත්වෙච්ච මිනිස්සුන්ට එතුමට ළංවෙන්න හේතුවක් තියෙනව කියල මට හිතන්න අමාරුයි. ඒ සිද්ධ වෙච්ච දේවල් හෙළිදරව් නොවීම යම්තාක් දුරකට වාසියක් වෙලා තියෙනව මහින්ද රාජපක්‍ෂ මහත්තයට මේ රංගනය කරගෙන යන්න.  නමුත් බැරිවෙලාවත් ඔය කියන චෝදනා, ඔය පසුබිම නිවැරදිව එළිදරව් වුණොත් එතුමට පාලන බලයකට එන්න අපහසු වෙනව. අපි දන්නෑ ඒ චෝදනාවල සත්‍ය අසත්‍යතාවය.
මෙතන ප‍්‍රශ්නය තියෙන්නෙ මහින්ද රාජපක්‍ෂ මහත්තය එළියට එනවද නැද්ද කියන එක නෙමෙයි. ප‍්‍රගතිශීලි බලවේගයක අවශ්‍යකමක් මේ රජයට තදින්ම තියෙනව. එය එන්න  ඕන කියන විශ්වාසයෙ අපි ඉන්නව.  අප‍්‍රමාදව ඒ ඌන පූර්ණය සිදුවිය යුතුයි. ඒක එහෙම නොවුනොත් මේක යන්නෙ කොයි දිසාවටද කියන එක අපිට හිතාගන්න අමාරුයි.  මේ සංකලනයේ තියෙන අඩුපාඩු මේ ගමනෙදි ඉතාම පැහැදිලිව පේනව.
පැහැදිලිවම මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන්නේ මේ රටේ ගොවි කම්කරු ජනතාව වැනි පන්තියක්. එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන්නෙ ඊට හාත්පසින්ම වෙනස් ආර්ථිකයක් හා සම්ප‍්‍රදායක්. මේ දෙක අතරෙ තියෙන එක්තරා ප‍්‍රමාණයක ගැටුමක් අපිට පේනව. ඒ නිසා දෙපැත්තම එකවගේ ශක්තිමත් වෙලා ඉන්න වෙලාවක මේක කරන්න අමාරු වෙනව. ඒ නිසා ඒ ශක්තිය මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාට ලැබියයුතු අවස්ථාවක් තමයි මෙය, කියන එකයි මගේ විශ්වාසය.
අල්ලස්, ¥ෂණ වලට සම්බන්ධවූවන් හා මාධ්‍යවේදීන් ඝාතනය සිදුකළ පුද්ගලයන් පිළිබඳ අනුගමනය කරපු පිළිවෙත ලිහිල් කළ බවට රජයට චෝදනාවක් තියෙනව. ඒ අනුව බලනකොට එ.ජා.ප., ශ‍්‍රී ල.නි.ප. යට අමතරව ඒකාබද්ධ විපක්‍ෂයත් එයට එකතුව තුන්ගොල්ලක් සමග සන්ධානයක් ගොඩනැගෙනබවක් පෙන්න තියෙනවද?
පහුගිය කාලේ සිද්ධීන් ගත්තම, එකක් තව එකකට, එය තව එකකට වගේ අන්තර් සම්බන්ධතාවයක් තිබිල තියෙනව. උදාහරණයක් විදිහට හෙජින් ගනුදෙනුව ගත්තොත් මේ හෙජින් ගනුදෙනුව පාළන යුග දෙකක් විතර එහාට යනව. ඒ කාලවල්වලදී නිගමනය කරගත්, නැත්නම් සකස්කරගත්, අනුමත කරගත් පිළිවෙත් ඉදිරියට ගිහින් තමයි ඔය හෙජින් ගනුදෙනුව වගේ විශාල වංචාවක් සිද්ධ වෙලා තියෙන්නෙ. අදත් ඒ වංචාවට සම්බන්ධ වෙච්ච පුද්ගලයින් මේ රජයේ ඉහළ තැන්වල ඉන්නව. බැංකුවල ඉන්නව. නිලධාරීන් හැටියට පත්වෙලා ඉන්නව. අපිට පුදුමයි ඇයි මේක වෙනස් කරගන්න බැරිවෙලා තියෙන්නෙ කියල. උදාහරණයක් හැටියට එෆ්.සී.අයි.ඞී. එකේ වාර්ථාව ඒ ගොල්ල පැහැදිලිවම රෙකමදාරු සහිතව ඇටෝනි ජනරාල්වරයාට යැව්ව. ඇටෝනි ජනරාල්වරය ඒ වාර්තාව තියාගෙන ඉන්නව. අපිට දැනගන්න තියෙන විදිහට එෆ්.සී.අයි.ඞී. එකෙන් පැහැදිලිව කියල තියෙනව මේ මේ පුද්ගලයන්ට මේ මේ චෝදනා ඉදිරිපත් කළ යුතුයි කියල. චෝදනා ගොනු කිරීමක් තමයි බලාපොරොත්තු වුනේ. නමුත් ඒක නතර වෙලා තියෙනව. ඒක බොහොම කනගාටුදායක දෙයක්.
අනෙක් දේශපාලන වශයෙන් ක‍්‍රියාත්මක වෙච්ච වංචා හා ¥ෂණ හෙළිදරව් වීම ප‍්‍රමාද වුණත්, රාජකාරිමය වශයෙන්, රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් නිලධාරීන් අතින් සිද්ධ වෙච්ච මේ තරම් දැවැන්ත පාඩු  අප‍්‍රමාදව එළිදරව් වියයුතුව තියෙනව.
දැන් බලපුවාම මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමත්, රනිල් කණ්ඩායමත්, මෛත‍්‍රී කණ්ඩායමත් මේ තුන්ගොල්ලම එකතුවෙලා කරන්න හදන්නෙ මේ ¥ෂිතයන් රකින එක නේද? මෙතන දි ජනතාව ගත යුතු තීරණය මොකක්ද?
¥ෂණය රකිනවද කියල එහෙමම කියන්න අමාරුයි. අපි වැටිල තියෙන තත්ත්වය හා දේශපාලන ගමන් මග දිහා ටිකක් බලන්න අවශ්‍යයි. බොහොම අසීරු සහ අවිනිශ්චිත ගමන් මගකට අපි දේශපාලන වශයෙන් වැටිල තියෙනව. ඒ ගමන යාම සඳහා යම් යම් දේවල් නිශ්ක‍්‍රීය කරමින් හා අක‍්‍රීය කරමින්, ඒව ටිකකට නිහඬ කරමින් ගමනක් යන්න හදවනද කියන එක අපිට තව හිතාගන්න අමාරුයි. ඒක එහෙම වෙන්න පුලූවන් සමහරවිට. ඒක එහෙම නම් හොඳයි. යන ගමන හොඳ නම්, අපි යන්නෙ නිවැරදි දිශාවකට නම්, අපි අත්හරින යම් යම් සංසිද්ධීන් එච්චර වැදගත් නොවෙන්නට පුලූවන්. ප‍්‍රශ්නය තියෙනනෙ ගමන අරමුණක් රහිත ගමනක් නම්, අපි බලාපොරෝත්තු වන දිසාවකට නැඹුරු නැති එකක් නම්, අර සංසිද්ධීන් හලා දැමීම රටට වාසියක් වෙන්නෙ නැහැ. අපි බොහොම විවේක බුද්ධියෙන් ඒක කොහොමද වෙන්නෙ කියල බලන්න වෙනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *