ජනවාරි 8 ජනතාව අපේක්ෂා කළේ මොර සුරන වැස්සක් – වික්ටර් අයිවන්

Victor ivonලංකාව නිදහස ලබා ගත්තෙ ඉන්දියාව වෙනස්ව බහුජන සටන් ක්‍රියාමාර්ගයාක් ක‍්‍රියාමර්ගයකින් තොරව. නිදහස ලබා ගැනීමෙන් පසුව ජාතිය ගොඩනැගීම හෝ නවීන සමාජ ගොඩනැගීමක් සිදුවුණේ නෑ. ඒ නිසා ලංකා රාජ්‍ය ලංකා සමාජය රෝද කැරකෙමින් තිබුනේ අවුල් සහගත ආකාරයටයි. නිදහස ලැබී අවුරුදු තිහකට පසුව විටෙක කලින්කලට තවත් විටෙක එක දිගට ලංකාව ලේ හලන රටක් බවට පත් උණා. දස දහස් ගණන් මිනිස්සු මරණයට පත් උණා. මරණයට පත් නොවී ජීවත් වීමට වාසනාව හිමිකරගත් මිනිසුන්ද අධ්‍යාත්මික මළ මිනිසුන් බවට පත් උනා. එම අශීලාචාර චණ්ඩ මාරුතයට හසුවී බොහෝ දේවල් විනාස උණා.

විනාස නොවී ඉතිරි වූ හැම දෙයක්ම විකෘති හා ජරාජීර්ණ දේවල් බවට පත් උණා. ප‍්‍රචණ්ඩ පැනනැගීම ආරම්භ උණේ සිංහල ලකුණින්. අවසන් උණේ දෙමළ ලකුණින් එම ප‍්‍රචණ්ඩ රළ පහර අවසන් වන විට, සමාජය පමණක් නොව රාජ්‍යට ආයතන ක‍්‍රමයට ඒවායේ ප‍්‍රකෘති ස්වභාවය අහිමි කර ගනිමින් ජරාජීර්ණ තත්ත්වයකට පත් උනේ. ඒ තත්ත්වයේ ගැඹුරු වෙනසක් ඇතිකොට ඉදිරියට යා නොහැකි තත්ත්වයකට ලංකාව පත්ව තිබුණා. 25 වන සංවත්සරය පවත්වන ලද්දේ ලැබූ යුද්ධ ජයග‍්‍රහණය උද්දාමයෙන් සමාජය සිය ප‍්‍රකෘති සිහිය අහිමි කරගෙන සිටි අවස්ථාවේ දී ය. මෙම සංවත්සර සභාවේ අරමුණ උණේ සමාජයේ ඇතිවී තිබූ ගරාවැටීම අවධාරණය කරමින් නව රටක් සදහා අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ ගැන කතා කිරීමටයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සංවත්සර කතිකාවට සහභාගී උනා. විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාත් සහභාගී උණා. දෙමළ සන්ධානයේ නායකයා ලෙස සම්බන්ධන් මහතාත් මෙම කතිකාවට සහභාගි උණා.

කථිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් සහභාගී උනා. මාදුළුවාවේ සෝභිත හිමියන් මෙයට සහභාගී උනා. ඉන් වසර පහකට පසුව අද තිස්වන සංවත්සරයේ දීත් අපට කතා කිරීමට සිදුවන්නේ සම්පූර්ණ කිරීමට අසමත් වූ ඒ මාතෘකාව සම්බන්ධවමයි. රාජපක්ෂ ජනාධිපතිවරයා අභ්‍යන්තර යුද්ධය ජයගත්තත් යහපත් තත්ත්වයට පත්ව තිබූ රාජ්‍ය එම තත්වයෙන් ගොඩනැගීමේ අවශ්‍යතාව මුලූමනින් නොසලකා ක‍්‍රියාකිරීම නිසා ලංකාවේ අර්බුද උග‍්‍ර විය. පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් උනා. යහපාලන ආණ්ඩුව බලයට පත්වන්නේ එහි ප‍්‍රතිපලයක් වශයෙන්. රාජපක්ෂ පාලනය පරාජයට දායක වූ දේශපාලන බලවේගයන් අතර රාජපක්ෂ පරාජයේ සීමිත අරමුණු සඳහා ශක්තිමත් පොදු එක`ගතාවයක්,ඒ සඳහා වන ලොකු අධිෂ්ඨානයක්ද සමගියක්ද තිබුණා. එහෙත් මහින්ද පරාජයේ අරමුණින් පසු ජයග‍්‍රාහකයාට ලංකාවේ අර්බුදය ජයග‍්‍රහණය සඳහා වන පිළිිගත් ශක්තිමත් දර්ශනයක් තිබුනේ නෑ. සීමිත අරමුණ ජයග‍්‍රහණය කිරීමෙන් පසු එතෙක් පැවති සමගිය හා ඒකාග‍්‍රතාවය විශාල ලෙස බිදී අභ්‍යන්තර කුලල් කා ගැනීමේ ව්‍යාපාරයක් බවට පත් උනා.

එම තත්ත්වය ආණ්ඩුවේ ශක්තිය දුර්වල කලා. ආණ්ඩුව බලයට පත්වීමට දායක වූ ජනතාවට පැවති උද්යෝගය හා සතුට මලානික කලා. එම තත්ත්වය පරාජිත දේශපාලන බලවේගයන් ශක්තිමත් කිරීමට හේතු උනා. ජනතාව බලාපොරොත්තු උනේ ලොකු මොර සූරන වැස්සක් ඒත් ආණ්ඩුවට ලබාදීමට හැකිවී තිබෙන්නේ පොද වැස්සක්. ආණ්ඩුව බලයට පත්කල ජනතාව තුළ ඇත්තේ ප‍්‍රබෝධයක් වෙනුවට ලොකු කලකිරීමක්. මහජනයාගේ කරපිට උපරිම බර පටවන අතර මැති ඇමතිවරු හා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් සඳහා උපරිම මට්ටමෙන් වරදාන ලබාදෙන පිලිවෙත මහජන කලකිරීම කෙරෙහි බලපා ඇති ලොකු සාධකයකි. යහපාලන ආණ්ඩුවේ නායකයින් පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ගේ කෑදරකම පාලනයට අසමත්ව තිබෙන බැව් අවාසනාවන්ත තත්ත්වය ආණ්ඩුවේ සිදුවූ වංචා දූෂණ සොයා බලන පිළිිවෙතට මුලදී මහජනයාගේ මහත් උනන්දුවට හේතුවී තිබිනි. දැන් ඒ දේට පවතින්නේ මලානික තත්ත්වයකි. සංහිදියාව තිබෙන්නේද ප‍්‍රබෝදමත් තතත්්වයක නොව, එකතැන පල් වෙන තත්වයකි. යුද්ධයක දී හෝ ප‍්‍රචණ්ඩ සටන් වලදී මිනිසුන් උත්තේජනය කිරීම සඳහා වෛරය සමග ලේ අවශ්‍යය. ඒත් සංහිදියාවේ දී උත්තේජන බලය ලෙස ක‍්‍රියා කරන්නේ පශ්චාත්තාපය හා සමග කදුළුය. සංහිදියාව ගැන රාජපක්ෂ ආණ්ඩුවට තිබුනේ ගොරෝසු රලූපරලූ ආකල්පයක් ඊට වෙනස් යහපාලන ආණ්ඩුව මටසිළුටු සංකල්පයක් ක‍්‍රියාත්මක කරමින් පවතින අතර එහි කදුළු තිබෙන බවක් නම් පෙනෙන්නට නැ. යහපාලන ආණ්ඩුව කිසිවක් නොකලා යයි ඉන් අදහස් වන්නේ නැ. වැදගත් දේ කලත් එය ප‍්‍රමාණවත් නෑ. ලංකාව මුහුණ දී ඇත්තෙ දැවැන්ත අර්බුදයකට දුර්වල ආණ්ඩුවකට නවක ශක්තිමත් තත්වයක් හිමිකර ගනු හැකිවනු ඇත්තේ තම අතීත ක‍්‍රියා දෙස අවංකව හා ක‍්‍රියාකාරීව ආපසු හැරී බලන විට මහජනයාගේ ලොකු ප‍්‍රබෝධයක් ඇති කිරීමට හේතුවන දෙයක් කිරීමට හැකිනම් පමණයි.
ඕනෑම ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක් තුළ කථිකයෙක් වීමට සුවිශේෂ වැදගත් කමක් හිමිවෙනවා. නව අණපණත් සේම නව ව්‍යවස්ථාවක් සදහා අධිකරණ අනුමැතියක් අවශ්‍ය වෙනවා. ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් පැවැත්වීමේදී ද අධිකරණයට වැදගත් කාර්ය භාරයක් හිමි වෙනවා. අපේ අධිකරණය තියෙන්නෙ ඒක ඉටුකරන්න පුලූවන් තැනක. අධිකරණය දේශපාලන අතකොළු බවට පත් වූ අවස්ථා තියෙනවා. ව්‍යවස්ථාව ආරක්ෂා කලයුතු අධිකරණය ව්‍යවස්ථාව උල්ලංගණය කරන තත්ත්වයකට පත්වේ.
ප‍්‍රවීණ සිනමා කරුවෙක් වූ ප‍්‍රසන්න විතානගේ උසාවිය නිහඩයි යන තේමාව යටතේ නිපදවූ සිනමා පටයක් දැන් තිරගත වෙනවා. එමගින් අධිකරණ ක‍්‍රියාවලිය විසින් යුක්තිය ඉටු කිරීමකින් තොරව වල දමා තිබූ අපරාධයක් මානවයාගේ දැනගැනීම පිනිස ගොඩනගා තියෙනවා . එය නිබන්ධනයත් නොවේ සත්‍ය කතාවක්. රාවයේ කතාවක්. මෙම නිශ්චිත සිද්ධිය නිසා අධිකරණ පරිපාලනය සම්බන්ධ ලොකූ ගැටලූ ඇති උනා. මෙම විනිසුරුවරයා තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙක් අවස්ථා දෙක දී දූෂණය කර තිබුණා . අධිකරණ ක්ෂේත‍්‍රයට එකතු වී තිබුනේ තමන්ගේ වාංචනික ඉතිහාසය වසන් කිරීමටයි. ඒ සම්බන්දව මම මාගේ හඩ අවදිකලා. මේ සම්බන්ධව එම විනිසුරුවරයා වැරදිකරු බවට අධිකරණය ඔප්පු කලා. සමාජයේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ස්වාධීන අධිකරණයක් නැතිව රටට එක අඩියක්වත් ඉදිරියට යන්නට බෑ. දුෂිත අධිකරණට නව අග විනිසුරුවරයෙක් පත්කල පමණින් හෝ ස්වාධීන කොමිසම් ඇතිකල පමණින් යහපත් වන්නේ නෑ. ඒ සදහා නව ප‍්‍රතිසංස්කරණ ඇතිකල යුතුයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *