රුපියල නගින බහින එකටත් බෙල්ට් එකක් දාන්න පුළුවන් – ජනාධිපති

 

රුපියල ඉහළ පහළ යාම පාලනය කිරීම සඳහා ද අවශ්‍ය නම් බෙල්ට් එකක් දැමිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව ඇතැම් ඕපාදුප අඩවි වාර්තා කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කර ඇත්තේ විපක්ෂයෙන් කී කතාවක් ගැන සඳහනකට පිළිතුරු වශයෙනි.

විපක්ෂයෙන් කියා ඇති කතාව නම් “රුපියලත් රනිල්ගේ කලිසම වගේ – උස්සන්න, උත්සන්න බහිනවා ” යනුවෙනි. ඒ ගැන කී විට රනිල් කියා ඇත්තේ ” මගේ කලිසම බහිනවාට මම දැන් බෙල්ට් එකක් දාලා තියෙන්නේ, ඕනෑ නම් රුපියල බහිනවාටත් බෙල්ට් එකක් දාන්න පුළුවන් ” යනුවෙනි.

කෙසේ වෙතත් , ඒ සමග ජනාධිපතිතුමා පවසා අත්තේ අයි එම් ලැබෙන ආරංචියට රුපියල නැග්ගා –  ඒක ලැබුනාම මොකද වෙන්නේ කියලා ටිකක් බලාගෙන ඉමු ” යනුවෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *