සරසවි ආචාර් ය සංගමයට ඇතුළෙන්, දෙපැත්තකින් බැට

 

විශ්ව විද්‍යාල ආචාර් ය වරුන් දිගු කාලීන වැඩ ර්වජනයකට මෙහෙයවා කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමට නොහැකි වීම ගැනත්, සටන දිගට ඇදගෙන යාමට උත්සාහ දැරීමත් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර් ය සමිති සම්මේලනය එහි සාමාජික සමිති වල සහ ආචාර් ය මණ්ඩලවල  විවේචනයල ලක්ව ඇති බව තතු දත් අරංචි මාර්ග ප්‍රකාස කරයි.

බදු ප්‍රශ්නය මුල් කරගෙන වෙනත් සංවිධාන සමග එක්ව ආචාර් ය සංගමය සටනට ගිය අතර කිසිදු සහනයක් නොලබා සටන අවසන් කරන්නට තීරණය කිරීම එක පාර්සවයකින් විවේචනයට ලක්ව ඇත.

අනෙක් පැත්තෙන් විවේචනයට ලක්ව ඇත්තේ අනෙක් සංවිධාන සටන අතහැර තිබිය දී දිගට ම ර්වජන ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය යි. තමන් සටනින් ඉවත් වන බව ඇතැම් පීට සා විශ්ව විද්‍යාල ආචාර් ය සංගම් දැනුම් දී තිබේ. විශ්ව විද්‍යාල ආචාර් ය සමිති සම්මේලනය යනු විශ්ව විද්‍යාලවල ආචාර් ය සංගම්වල හවුලකි.

ඇතැම් පීටවල ආචාර් ය වරු මුල සිටම මෙම ක්‍රියාවලියෙන් ඉවත්ව සිටි බව ද අපගේ ආරංචි මාර්ග කියයි.

සටන දිගට ගෙන යන බව ආචාර් ය සංගම් සම්මේලනයේ  නායකත්වය ප්‍රකාශ කළ ද  එයට සාමාජිකත්වයේ විශාල පිරිසක් සහය නොදෙන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *