අයි එම් එෆ් ගිවිසුම මේ සතියේ මැති සබයට

 

ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකර ගන්නා ගිවිසුම එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අනුමත වූ වහා ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කොට ඇති බව මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

මෙම සඳුදා එයට අනුමැතිය හිමිවනු ඇතැයි විශ්වාස කෙරෙන අතර එම තොරතුරු අඟහරුවාදා දැනගැනීමට ලැබෙතැයි අපේක්ෂා කෙරයි.

එලෙස අනුමැතිය ලැබුණු පසු මුදල් ඇමති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතය.

මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *