පුද්ගලික විශ්ව විද්‍යාල යන සිසුන්ට ලක්ෂ 11 ක පොලී රහිත ණයක්

 

අපොස උසස් පෙළ සමත්වීමෙන් පසු රජයේ විශ්ව විද්‍ය්ලවලට ඇතුළත් වීමට නොහැකි වන හෝ කැමැත්තෙන් පෞද්ගලික උසස් අධ්‍යාපනය තෝරා ගන්නා හෝ සිසුන්ට රුපියල් ලක්ෂ 11 ක පොලී රහිත ණය මුදලක් ලබා දීමට රජය තීරණය කොට ඇත.

මෙයින් රුපියල් ලක්ෂ 8 ක් පාටමලා ගාස්තු සඳහා වන අතර ලක්ෂ 3 ක් ලබා දෙන්නේ යැපුම් දීමනාවක් වශයෙනි.

පළමු වටයේ දී සිසුන් 5000 කට මෙම ණය ලබාදීමට තීරණය කොට ඇත.

පිළිගත් ප්‍රමිතියකින් යුතු සහ රටට අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල අධ්‍යාපන කටයුතු සඳහා මෙහි දී ප්‍රමුඛතාව ලබාදෙනු ඇත.

රැකියාවක් ලැබුණු පසුව පොලී රහිතව කොටස් වශයෙන් ගෙවීම සඳහා මෙම මුදල ලබාදෙයි.

රජයේ විශ්ව විද්‍යාලවල සිසු සහ ආචාර් ය ර්වජන  හේතුවෙන් නිකරුනේ කාලය ගතවීම නිසා රජයේ විශ්ව විද්‍යාලවලට පිවිසීමට ඇතැම් පිරිස් අකමැත්තක් දැක්වීමත්, ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් විදේශ ගත වන බවත්, සැලකිල්ලට ගනිමින් විකල්ප අධ්‍යාපනයක වියදම් දැරීමට අපහසු දිළිඳු පවුල්වල සිසුන්ට සහනයක් ලෙස මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *