පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවෙන් ශ්‍රේෂ්ටාධිකරණයට ලිපියක්

 

පළාත් පාලන ඡන්දයට මුදල් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ටාධිකරණය මුදල් අමාත්‍යවරයාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබා දෙන්නයි ඉල්ලා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ශ්‍රේෂ්ටාධිකරණයට ලියුමක් යවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීම ගැන පරීක්ෂණයක් සඳහා මෙලෙස එම නියෝගය ඉල්ලා ඇති බව ප්‍රේමදාස මහතා කියයි.

ඒ මහතා වැඩි දුරටත් කීවේ එමගින් ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුව හෑල්ලුවට ලක්වන බවයි.

නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතා ඒ මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *