වෙනසට දායකවූවන්ට දැන් ඇත්තේ වේදනාවක්‘

‘ජනතාව මොර සූරන වැස්සක් බලාපොරොත්තු වුවත් ආණ්ඩුවට ලබා දීමට හැකි වී තිබෙන්නේ පොද වැස්සක් බවත්, ආණ්ඩුව බලයට ගෙන ආ පිරිසට දැන් ඇත්තේ වේදනාවක් බවත් රාවය පුවත්පතේ නිර්මාර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය.

රාවය පුවත්පතින් අනාවරණය කරන ලදුව පසුව ප්‍රසන්න විතානගේ මහතා චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කළ ලෙනින් රත්නායක මහේස්ත්‍රාත්ගේ අපයෝජන සිදුවීම හා එය යටපත් කිරීම ගැන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, අධිකරණ පද්ධතියේ ගරා වැටීම ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අයිවන් මහතා ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

වික්ටර් අයිවන් මහතා එම ඉල්ලීම් කළේ රාවය පුවත්පතේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක සම්බන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි. ‘රාවය තිස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ ලෙස උත්සවය නම් කර තිබිණි.

මෙම උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලකයෝ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ සහභාගී වූහ.

මෛත්‍රීපාල සිරිසේන ජනපති , රනිල් වික්‍රමසිංහ අගමැති, ආර් සම්බන්දන් විපක්ෂ නායක, අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ රාහුෆ් හකීම් මුස්ලිම් කොන්ග්‍රසයේ නායක සහ වික්ටර් අයිවන් මහතා  දේශන පැවැත්වූහ.

සංවත්සරයට සමගාමීව පැවැත්වූ තරුණ විචාර තරඟයෙන් ජය ලැබූ ඔෂනි පීටර්ස්, ප්‍රියදර්ශනී චන්ද්‍රසේකර සහ කල්පන පෙරේරාට ජනපති අතින් සම්මාන පැරිනැමිණි.

_DSC0494 _DSC0510 _DSC0516 _DSC0525 _DSC0527 _DSC0530 _DSC0609 01(51) 02(35) 03(65) 04(26) 06(17) 07(18) IMG_0263 IMG_0337 IMG_0352 IMG_0373 IMG_0380 IMG_4666 IMG_4687

 ලංකාදීප වාර්තාවකි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *