නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (16 වැනිදා) මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මේ බව දැනුම් දී තිබෙන අතර, නිල නොවන මට්ටමින් මේ පිළිබඳ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට සහ දේශබන්දු තෙන්නකෝන් වෙත ද දැනුම් දී තිබෙන බව ද වාර්තාවල සඳහන් වෙයි.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙම මස 23 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.

නව පොලිස්පති තනතුර සඳහා ජෙෂ්ටයින් තිදෙනකු අතර තරගයක් පවතින බව පසුගිය දා මාධ්‍යය වාර්තා කොට තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *