මැතිවරණ කොමිසම රැස්වෙයි ; පක්ෂවල 2021 ගිණුම් ප්‍රකාශ වහා ම ඉල්ලයි ; නොදුන්නොත් ලියාපදිංචිය අහෝසියි

 

මැතිවරණ තරග කරන සියලු දේශපාලන පක්ෂවල විගණනය කරන ලද ගිණුම් වාර්තා දින 14 ක් ඇතුලත තමන්ට ලබා දෙන ලෙස සියලු පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම් දීමට අද රැස් වූ මැතිවරණ කොමිසන් සභාව තීරණය කොට ඇත.

මැතිවරණ කොමිසම මෙලෙස ඉල්ලා ඇත්තේ 2021 වසර සඳහා වූ ගිණුම් වාර්තා ය. එම වාර්තා ලබා නොදෙන පක්ෂවල ලිය පදිංචිය අහෝසි කරන බව දැනුම් දීමට කොමිසම තීරණය කොට ඇත.

එමෙන් ම පළාත් පාලන මැතිවරණයට තරග කරන සියලු පිළිගත් දේශපාලන  පක්ෂවල ලේකම්වරුන්ගේ රැස්වීමක් ලබන 23 දා පැවැත්වීමට ද කොමිසම තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *