ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බැහැ – මුදල් ලැබෙන පාටක් නෑ – මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දන්වයි

 

 ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන පාටක් පෙනෙන්නට නැති හෙයින්  මුද්‍රණයට අත තැබිය නොහැකි බව  රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ  මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (15) ලිපියකින්  දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්නේ දැයි කළ විමසුම්වලට මහ භාණ්ඩාගාරයෙන්  කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයිද   ඇය සඳහන් කොට තිබේ.

මුදල් ලැබුණහොත් එතැන් සුට තැපැල්  ඡන්ද පත්‍රිකා දින හතරත් පහත්  අතර කාලයකදීද සෙසු මුද්‍රණ දින 30ක කාලයකදීද මුද්‍රණය කර දිය හැකි බව මාධ්‍යයට පවසා ඇති  ලියනගේ මහත්මිය මැතිවරණය  සඳහා දැනට කර ඇති මුද්‍රණ කටයුතු සඳහා ද මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබී නැතැයි ප්‍රකාශ කොට තිබේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දැනට ලැබී ඇත්තේ කෝටි හතරක් පමණක් බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට  ආරක්ෂාව සැපයීම සඳහා ඒවා මුද්‍රණය කරන අවස්ථාවේදී දැනුම් දෙන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රකාශ කර ඇති බවත් රජයේ මුද්‍රණාලාධිපතිනිය  කියයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *