ජනාධිපති රනිල් අඛණ්ඩ ර්වජනය මාස හයකින් කල් දමයි

උපයන විට බදු අඩු කිරීම ඇතුළු වර්ජනය කළ වෘත්තීය සමිතිවල කිසිදු ඉල්ලීමක ලබා නොදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඛණ්ඩ වැඩ ර්වජනය  මාස හයකින් කල් දමා ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

ජනාධිපතිතුමා ර්වජක  වෘත්තීය සමිතිවලට ලබා දුන් ලිපිය මගින් දන්වා ඇත්තේ මාස හයකින් පසුව මුල්‍ය අරමුදල සමග කරන සමාලෝචනයේ දී බදු සංශෝධන ඉල්ලීම සැලකිල්ලට ගන්න බව පමණකි. එම අවස්ථාවේ මුල්‍ය අරමුදලට කරුන්නු දැක්වීමට වෘත්තිකයන්ට ද අවස්ථාව දෙන බව ද එම ලිපියේ සඳහන් ය.

එමෙන් ම වසරේ අවසන් කාර්තුවේ දී සේවකයන්ට යම් දීමනාවක් ලබා දීම ගැන සලක බලන බව ජනාධිපතිවරයා කියයි.

ජනාධිපතිවරයා කිසිවක් අලුතින් කියා නැති බවත්, මේසියලු කරුණු මීට පෙර අවස්ථා ගණනාවක දී එතුමා පවසා ඇති බවත් , නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, ජනාධිපතිතුමා දන ගසා ඇතැයි කියමින් වැඩ ර්වජන නවතා දැමීමට වෘත්තීය සමිති තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *