වෘත්තීය සමිති නායකයන් ආර්ථික අපරාධකරුවන්ගේ ලයිස්තුවට

 

වෘත්තියවේදීන් රට විනාශ කිරීමට කටයුතු කළහොත් රට ආරක්ෂා කිරීම පාලකයාගේ වගකීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය සාර්ථක වුවොත් රට අවුරුදු 25ක ආපස්සට ගොස් කනත්තට ගමන් කරනු ඇතැයි ද හෙතෙම පැවසීය.

ඒ අනුව රට විනාශ කරන කිරීමට උත්සාහ කරන අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද හෙතෙම කියා සිටී.

රට බංකොලොත් කර විනාශ කරන පුද්ගලයන්ගේ ලයිස්තුවට මෙම වෘත්තීය සමිති නායකයන්ගේද ඡායාරූප ඇතුළත් කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

දැනුමක් තේරුමක් සහිත පුරවැසියන් බහුතරයක් මෙම වර්ජන සමග එකග නැති බව ද පැවසූ ඔහු වැටුණු රට යළි ගොඩ නැගීමෙන් තිබෙන අවස්ථාවක මෙවන් වර්ජන සාර්ථකව සිදු කළ නොහැකි බවද පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී

lanka C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *